Sri Lanka

Saturday, July 27, 2013

ඇරඹුම


          ඇරඹුම




බුවනෙකබා යෞවන සමාජයේ අපි ගොඩක් කාලෙක ඉදන් බලන් හිටිය දෙයක් බ්ලොග් එකක් පටන් ගන්න එක. අපේ වැඩකටයුතුත් එක්ක කාලය කළමාණාකරනය කරගන්න බැරි වුන නිසා මේ දේ කරගන්න ගොඩක් කාලයක් ගියා. https://www.facebook.com/buwanekaba.yauthsociaty ෆේස්බුක් පිටව හරහා අපිව හදුනගත්ත අපේ යාළුවන්ට තවත් හොදින් අපි කරනදෙවල් දකින්න ලේසි වෙන්න මේ විදියට එකතු වෙන්න අපි හිතුව.
            අපි ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ මහව යෞවන සමාජ බලමණ්ඩලයෙන් ඓතිහාසික යාපහුව ප්‍රෙද්ශය නියෝජනය කරන බුවනෙකබා යෞවන සමාජය. අපි සමගිය, මිත්‍රත්වය, සහයෝගය සහ සංවර්ධනය යන යෞවන සමාජ ප්‍රතිඥාවේ එන අරමුණු වලට අනුකූලව බොහොම අපූරු ගමනක් යමින් ඉන්නව. අපි ප්‍රෙද්ශයේ බොහෝ සමාජ සේවාවන්ට දයක වෙමින් ඉන්නව. ඉතින් අප කල බොහෝ දේවල් වල පොටෝස් බලන්න පුල්වන් අපේ පේස්බුක් පිටුවට ගියොත්. ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කල ශ්‍රී ලංකා යූත් නිවාස ව්‍යපෘතිය යටතේ අප ප්‍රෙද්ශයේ දිළිදු පවුලක් වෙනුවෙන් අප ඉදිකල නිවස කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ජයග්‍රණය කලා පහුගිය දවසක. ඉතින් ඒ ගෙදර එළඹෙන අගෝස්තු මාසයේ විවෘත කර ඒ අහිංසක දුප්පත් නිවැසියන්ට බාර දිමටද නයමිතයි. අපේ මේ හැම කටයුත්තකදීම අපිට සහය දෙන අපේ සියළුම හිතවතුන් අපි හැම මොහොතකම මතක් කරනව. අපි ඉදිරියේ දිත් ගොඩක් දෙවල් කරන්න සූදානමින් ඉන්නව.

බුවනෙකබා යෞවන සමාජය. යාපහුව, මහව.


ඇරඹුම: commencement