Sri Lanka

Wednesday, August 7, 2013

අම්මා වරුනේ.. අම්මා වරුනේ.. සම්මා සම්බුදු අම්මා වරුනේ..


මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා. 
මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා. මං ලොකු අපහසුතාවයකට පත් වූණා. ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...
ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,
"
ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" ියලා.....
මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න. මං එදා අම්මාට කිව්වා,
"
ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා
අම්මා මුකුත්ම කිව්වෙ නෑ......
දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.
මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...
මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න, එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...
ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා. ඊට පස්සෙ මං කසාද බැන්දා. ආයෙ ලංකාවට ඇවිත් මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා. මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....
එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා. අවුරුදු ගානකින් අම්මා මාව දැකල තිබ්බෙ නෑ. මගෙ දරුවො කවදාවත් එයාලගෙ ආච්චි අම්මව දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...
මං එයාට බැන්නා,
"
ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා
ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා
එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...
ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා. ඒකට යන්න ඕනි හින්දාම, මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා. ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා. සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා. එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....
ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.
අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....
මේ තියෙන්නෙ ඒ ලියුම.....
දයාබර පුතේ,

මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා. මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට. මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම. ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ. ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.
මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. 
ඔයාට ලැජ්ජා කළාට....
ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ. අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා. ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා. ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා....
හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.
ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.

මේ,
ඔයාගෙ අම්මා....

මේ අපූරු කතාව කියෙව්වට පස්සෙ මොනද හිතෙන්නෙ අපිට. අපි අපේ රත්තරං අම්මලා වෙනුවෙන් මොනාද කළේ කියල හිතුවොත් කොයි තරම් දේවල් කළත් මදියි කියලයි හිතෙන්නෙ. කොයිතරම් කාගෙන් සෙනෙහස ලැබුවත් අපේ අම්මලගෙන් තරම් සෙනෙහසක් අපිට ලැබෙන්නෑ නේද? ඉතින් එවන් වූ සුවහසක් මව්වරු වෙනුවෙන් තමයි මේ ගීතය රචනා වෙලා තියෙන්නෙ. නන්දා මාලනිය මේ ගීතයත් එක්ක බොහොම හැගීම්බර නිමේෂයකට අපිව අරන් යනව...

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මා වරුනේ
දරුවන්ගේ දුක් කඳුලු දකින දා
සුරලොව සිට අත පා..... ඒ කඳුළැලි පිසිනා

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස වැඩි දා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමනයි ලඟ ඉන්නේ
අම්මා පමනයි ලඟ ඉන්නේ...