Sri Lanka

Thursday, August 8, 2013

උඩගු ලියන් ගොතා බදින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ


අද උදේ ගීත වලට සවන් දෙන අතරෙ මට ඇහුන මලක් කතා කරනව. ඒ මල පුදුමාකාර කතාවක් කිවුවෙ. ඒ මල කෑ ගහල කියනව. මම පිපිල තියෙන්නෙ මේ උඩගු ලියන්ගෙ වරලස සරසන්නවත්, හිස් මිනිස්සු මත්පැන් තොලගාමින් බොජුන් වළදන මේස මත ලස්සනට තියන්නවත් නෙමෙයි. මේ දේශය වෙනුවෙන් දිවි පුදල අවසන් ගමන් යන රණවිරුවෙකුගෙ දේහය රැගෙන යන මගට මාව විසි කරන්න. මගෙ පරම පැතුමත් එයයි. ඒ මග එන මිනිසුන්ගෙ පයට පෑගිලා මම මිය යන්නම් එයත් මට සැපක් කියල.
මේ ගීතය ලියවෙන්නෙ ඩොල්ටන් අල්විස් මහත්මයා අතින්. ඉන්දියාවේ මහා කවි කාලිදාසයන්ගෙ කවියක පිරිවර්තනයක් ඇසුරු කරගෙන තමයි එතුමා මේ ගීතය ලියන්නෙ. 1928 දෙසැම්බර් මස 07 බෙන්තරදී උපතලද මෙතුමා කුඩා අවදියේදී වෛද්‍ය වරයෙකු වීමේ තම සිහිනය විද්‍යාගාරය තුලදීම අතහැර දැමුවේ ගෙම්බෙකු කැපීම නිසා ඇතිවු තිගැස්ම නිසාය. එහි ප්‍රතිපලයක් ලෙස දක්ෂ කවියෙක් සිරිලකට හිමි විය. 
නන්දා මාලනියන්ගෙ හඩ මේ ගීතයත් එක්ක මුසු වුනාම සිත පුදුමාකාර විදියට දැහැන්ගත වෙනව. 70 දශකයට පෙර නිර්මානයවු උඩගු ලියන් ගොතා බදින නම් මෙම ගීතය රණවිරුවෙකු ගේ අගය මැකීයන වත්මන් පරපුරට(හැමෝම නම් නොවෙයි)ද අදර්ශයක් නොවන්නේද?

උඩගු ලියන් ගොතා බදින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන- බස් දොඩවන
බොජුන් මේස මත සුවද හලන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරැවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දුවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි…..
එමගට මා විසිකරන්න….