Sri Lanka

Sunday, August 25, 2013

සරසවියෙන් ඇසෙන අනුවේදනීය සත්‍ය කතාවක්

සරසවිය කියන්නේ බොහොම සුන්දර දේවල් සිදුවෙන තැනක්. ඒ තුළ බොහොම සුන්දර හමුවීම් තිබෙනවා, ඒ වගේම බොහොම අමිහිරි සමුගැනීම් තියෙනව. මේ හැම දෙයක්ම එහි තිබුණත් සරසවිය කියන්නෙ බොහොම අපූරු තැනක්. 
ඉතින් ජීවිතය ගැන බලාපොරොත්තු පොදි බැදගත්ත තරුණයෙක් ලංකාවෙ එක්තරා සරසවියකට එනව ඉංජිනේරු උපාදියක් හදාරන්න. ඔහුගෙ පළමු අවුරුද්ද යහළුවන් අදුන ගනිමින්, සරවියට හුරු වෙමින්, අලුත් දේවල් ඉගෙන ගනිමින් ගෙවෙනව. සරසවි සම්ප්‍රදායෙ හැටියට ඔහුට අපූරු කාඩ් එකකුත් ලැබෙනව.
ඉතින් මේ විදියට ඔහුගෙ දෙවැනි අවුරුද්ද උදා වෙනව. දෙවැනි අවුරුද්ද මේ තරුණයා ඇතුළු කණ්ඩායමට ඉතාම කර්ය බහුල එකක්. මොකද අලුතෙන් තමන්ගෙ පීඨයට එන කණ්ඩායම බාරගන්න වෙන්නෙ ඔවුන්ට. ඉතින් මේ තරුණයත් තමන්ගෙ යාළුවන් එක්ක ගොඩක් මහන්සි වෙලා මේ වෙනුවෙන් වැඩ කළා.
සරසවි සම්ප්‍රදායෙ එක් දෙයක් තමයි අලුතෙන් එන කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ කණ්ඩායම විසින් ඔවුන්ගෙ විෂයන් සම්බන්ධයෙන් උපකාරක වැඩසටහන් පවත්වන එක. සරසවියෙ භාෂාවෙන් ඒවට කියන්නෙ 'කුප්පි' කියල. ඉතින් මේ තරුණයත් මේ විදියෙ කුප්පියක් කරන්න පටන් ගත්ත අලුත් කණ්ඩායමට. ඔහු පළවැනි දවසෙ පටන් අරන් ටික වෙලාවක් යද්දි එක්තරා තරුණියක් බයෙන් බයෙන් හෙමිහිට මේකට එනව දැක්ක. ඉතින් මෙයාගෙ පරක්කුව දැකපු මේ තරුණයට තරහ ගිහින් තරුණියට බැනවදිනව ඇයගෙ ප්‍රමාදය නිසා. මොකද මේ අය මේ දේවල් කරන්නෙ තමන්ට වැඩ කරන්න තියන කාලය කැප කරගෙන. තරුණිය ඇවිත් බයෙන්ම කුප්පියට ඉදගත්ත. ඔහු ඇයට බනිද්දි පිටවුණු යම් වචන කීපයක් අල්ලගෙන ඇයට කාඩ් එකකුත් ලැබෙනව.
ඉතින් ඇය මොහුගෙ පඩම් වලට දිගටම සහභාගී වුනා. ඇයගෙ හැසිරීම මේ තරුණයගෙ හිතේ ඇය ගැන ආදරයක් ඇති කරනව. ඔහු ඇය ගැන විශේෂයෙන් උනන්දු වෙනව. ඇයගෙ ඇස් වල තිබුන දීප්තියට ඔහු වශී උනා කිවුවොත් නිවැරදී. කොහොමින් කොහොමින් හරි මේ දෙදෙනා අතර ආදරයක් ඇති වෙනව. මේ තරුණයා තරුණියට පණටත් වඩා ආදරේ කරනව. මොකද ඔහුගෙ මුලු හිත පුරාම හිටියෙ ඇය. ඔහු මුළු හදවතින්ම ඇයව ආරක්ෂා කරනව. දෙන්න බොහොම ආදරෙන් කාලය ගත කරනව. තරුණයා තමන්ට පාඩම් කරන්න තියෙන කාලයත් කැප කරගෙන මේ තරුණියගෙ පාඩම් වැඩ වලට උදව් කරන්න එනව. මොකද ඔහු ඒ තරම්ම ඇයට ආදරෙයි. 
මේ තරුණිය එන්නෙ ලංකාවෙ දකුණු ප්‍රද්ශයෙන්. ඇයගෙ එක දුර්වල කමක් තමා සුළු දේකට උනත් බොහොම තදින් තරහ යනව. ඉතින් එක්තරා දවසක සිදුවුන ඉතාම සුළු දේකට මේ තරුණිය බොහොම තදින් තරහ අරන් මේ සියළුම දෙවල් අතහැරල යන්න යනව. ඔහු ආස කළ ඇගේ දීප්තිමත් ඇස් බොහොම රුදුරු වෙන්න ටික වෙලාවයි ගත උනේ. ඇයට කොතරම් තරහ ගියාද කියනව නම් මේ තරුණයා ඇයට අරන් දුන්න ජංගම දුරකථන සිම්පත ඔහු ඉදිරියෙදිම කඩල දානව. ඒත් මේ තරුණයා හරිම අහිංසකයි. ඔහු කොතරම් ඇයට ඇවිටිලි කළත් ඇය නොවෙයි ඒව ගණනකටවත් ගත්තෙ. ඇය ඔහුව තිනකරල දාල යන්න යනව. තරුණයා බොහොම අදුරු ලෝකෙක තනි වෙනවා.
ඉතින් මේ තරුණයාට මේ කිසිම දෙයක් දරා ගන්න අමාරුයි. මොකද ඇය ඔහුගෙ ප්‍රාණ සමයි. ඔහු බොහොම තදින් දුක් වෙනව ඔහුට ඇයව අහිමි වීම ගැන. තරුණයා නිතරම කල්පනාවට වැටෙනව. මේ නිසාම ඔහු අසනීප වෙනව. නමුත් මොහු මේ හැම දෙයක්ම තමන්ගෙ යාලුවන්ටත් තමන්ගෙ අම්මටත් හංගනව. නමුත් අසනීපය නරක අතට හැරෙත්ම ඔහුව රොහල් ගත කරනව. රෝහලේ ඇදක් මත හුදකලා වෙලා ඉද්දි ඔහුගෙ හිතට නැගෙන දේවල් මේ විදියට ඔහු ගීයකට නගනව.

ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත
ඔබ මට හිමි වෙන්නැති හින්දා
සෙනෙහස හිත තුල සගවා ගන්නම් 
වෙන හිතකට දෙන්නැති හින්දා

ඔබ ගැන මතකය හද පාරනවා
අමතක කරන්න බැහැ මට කිසිදා
සිහිනෙන් පෙනි පෙනි යළි නොපෙනෙනවා 
හදාගන්න හිත බැහැ ඒ හින්දා


දෛවය සරදම් කර හිනැහෙනවා
මගේ හදවත හෙමිහිට පාරනවා
ඔබ නම් යහතින් ඇතැයි හිතෙනවා
ඒ ගැන හිත හිත මම සැනසෙනවා

(බුවනෙකබා යෞවන සමාජය)