Sri Lanka

Thursday, August 8, 2013

අය කිවුව මෙලෙස


සරසවිය හරිම පුදුමාකාරයි. සරසවි සිසුන් සමහර අයට අමුතුම පිරිසක් විදියට දැනුනට එතන තමයි රටේ අනාගතය තියෙන්නෙ. විවිධාකාර හැකියාවන් තියන පුද්ගලයන් අපිට සරසවිය තුළින් මුනගැහෙනව. ආදරය, කරුණාව, දයාව, ප්‍රේමය වගේ හැම දෙයක්ම අපිට සරසවිය තුළින් ඇහෙනව. සරසවිය තුළ ගෙවන ජීවිතය තමයි කෙනෙක්ගෙ ජීවිතය වෙනස් කරන කාලය. මිහිරි අමිහිරි හැම අත්දැකීමක්ම සරසවිය තුළින් ලබන්න පුලුවන්. 

ලංකාවෙ ගොඩක් ගීත වලට පාර හදල දීල තියෙන්නෙ සරසවියෙන් ඇහෙන ආදර කතා තමයි. ඒ අතරිනුත් ලංකාවෙ සුන්දරම විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය සරසවියෙ සිදුවීම් ගැන ගොඩක් ගීත ලියවිලා තයෙනව. අපි මේ කියන්න යන්නෙත් පේරාදෙණිය සරසවියෙන් ඇසුන තවත් පුංචි ආදර කතාවක් තමයි. මේ කතාව කිවුවෙ අපේ යෞවන සමාජයේ ප්‍රධාන සංවිධායක සිරිල් අයිය. ඔහු 2004/2006 අධ්‍යයන වර්ෂයේ පේරාදෙණිය සරසවියට අතුලු වුන කෙනෙක්. මේක පුංචිම පුංචි කතාවක්.

එයාගෙ කණ්ඩායමේ සරසවියට ඇතුළත් වුන සහෝදරයෙක් සහ සහොදරියක් ඒ මුල් කාලෙම ආදර සම්බන්ධයක් පටන් ගන්නව. ඒක ඉතින් සරසවියට අමුතු දෙයක් නෙමෙයිනෙ. ඔවුන් බොහොම සුන්දර විදියට තම ප්‍රෙමය විදගන්නව. පේරාදෙණිය සරසවියෙ ප්‍රසිද්ධ වල නැත්තං එදිරිවීර සරත්චන්ද්‍ර රංග පීටය, ඒ වගේම අර ප්‍රසිද්ධ නුග ගහ, අර අක්බාර් පාලම, මේ හැම තැනකම ඔවුන්ගෙ ප්‍රේමය දිව ගියා. ඒත්....

ඒත්.....

ඒත්... මේ හැම දෙයක්ම අපි හිතන තරම් සුන්දරම නැහැ නේද? මොවුන් දෙන්නටත් ඒ අසුන්දරත්වය විදින්න උනා. මේ කොල්ලගෙ ගෙදරින් කෙල්ලට කැමති වෙලා නැහැ. කෙල්ල ගොඩක් දුකෙන් ඉදල තියෙන්නෙ මේ ගැන. දැන් ඉතින් කැමති නැහැ කියල ආදරේ අතාරින්නෙ කොහොමද. මේ කෙල්ලට මේක ගොඩක් දුක හිතෙන සිද්ධියක්. ගොඩක් කනගාටුවෙනුයි හිටියෙ මේ ගැන. ඉතින් දවසක් කටිටිය බලද්දි.....

ඔවුන්ගෙ බිත්ති පුවත්පතේ තමයි මේ කවිය තිබ්බෙ. ඒ බිත්ති පුවත්පතට ලස්සන නමකුත් තිබ්බ මට හරියට මතක නැහැ ඒකනම්.

මම,
රෙල් පාරට නැමුන
ලස්සන මලක්....
ඔබ,
මව බලන්න
කොච්චියෙන් එනවද?
පයින් එනවද?