Sri Lanka

Friday, August 9, 2013

ආදරය විරහව සහ කදුල


මේක සත්‍යය සිදුවීමක්. ඒ නිසා මෙහි එන නම් ගම් නම් කියන්න ටිකක් අමාරුයි. නමුත් මේ සිදුවීමෙන් අපේ ජීවිත වලට ලොකු පාඩමක් කියා දෙනව. ඒ නිසයි මේක කියන එක වැදගත් කියල හිතුනෙ. ඉතින් අපි ඔහුට සංජීව කියමු. ඇයට චාපා කියමු. (ටයිප් කරද්දි වැරදිලා තියන ඒවට සමාව ඉල්ලනව)

පාසල් සමය කියන්නෙ කෙනෙකුගෙ ජීවිතයේ උදා වෙන සුන්දරම කාලය කිවුවොත් මම නිවැරදි කියලයි හිතන්නෙ. ඉතින් මතක් කරන්න කොයි තරම් නම් දේවල් තියනවද? පන්තියෙ යාළුවෝ එක්ක කල දග වැඩ. කට්ටියම සෙල්ලම් කල හැටි, ප්‍රින්සිපල් ගෙන් ගුටි කාපු හැටි. ඒ අතර මැද්දෙ ගියපු පුංචි පුංචි වලි. තවත් ගොඩක් දෙවල් තියනව. 

ඉතින් මොහුගෙ පාසල් කාලයත් ඒ තරම්ම සුන්දරයි. මොහු ඉගෙන ගන්න බොහොද දක්ෂයෙක්. ඒ වගේමයි ක්‍රීඩාවටත්. ගුරුවරුන්ගෙ හිත බොහොම හොදට දිනාගෙන හිටියෙ මොහු. අපි පාසලට ඇතුලත් වෙනකොට ඉන්න කෙනා නෙමෙයි ටිකකාලයක් යද්දි ඉන්නෙ. වයසෙන් මුහුකුරා යද්දි අපේ අදහස් හැගීම් වෙනස් වෙන්න ගන්නව. නව යොවුන් විය කියන්නෙ හරිම පුදුමාකාර කාලයක්. අපේ භාෂාවෙන්ම කියනවනම් හොදටම පිස්සු කෙලින කාලය. මේ කලෙදි ඉතින් ගැහැණු ළමයි පරිමි ළමයි අතර පුංචි ආකරශනේකුත් ඇති වෙනව. අපි නම් කියන්නෙ මෙන්න මේ ආකරශනය තමයි මේ කාලෙදි ආදරය කියල වැරිදයට තේරුම් ගන්නෙ. එත් අපි දැනට කියමුකො මේ ආදරයමයි කියල. 
ඔහුත් බොහොම කඩවසම් පෙනුම තිබුනු ලස්සන තරුණයෙක්. පාසලේ විවිධ ක්‍රියාකරකම් වලට දැයක වෙමින් ඔහු පැමිණෙනව පාසල් ජීවිතයෙ සුන්දරම කාලය වන සාමාන්‍ය පෙළ පන්තියට. ගුරුවරුන්ගෙ භාෂාවෙන් කියනවනම් කිසිම නහට අහන්නැති උන් ටිකක් තමයි මේ පන්ති වල ඉන්නෙ. ඔහුත් කෙතරම් ඉගෙන ගන්න දක්ෂ කෙනෙකු උනත් ඔහු තුළත් අපි කලින් කිවුව හැගීම් ජනිත වෙන්න ගන්නව. ඉතින් ඔහුත් පෙම්වතියක් සොයා ගන්නව. ඇය චාපා. ඇය ඔහුගෙ ගමේමයි. සාමාන්‍ය පෙළ පන්ති වලට ආව මුල්ම කාලෙමයි මේ දෙන්න යාළු වෙන්නෙ. ඉතින් මේ දෙන්න පෙම්වතුන් විදියට ගෙවුව මේ කාලය බොහොම සුන්දරයි. ඒ කාලේ ඉතින් දැන් වගේ ජංගම දුරකතන නැහැනේ කනේ ගහගෙන කොච්චරවත් මල් කඩන්න. ලියුම් තමයි එකම සෙල්ලම. මේ දෙන්නති ලියුම් මල්ලක් විතර ගියන්න ඇති. ඔන්න එක දවසක් ළමි උදය රැස්වීමට ආවට පස්සෙ ගුරුවරු හදිසියේම 10/11 සහ 12/13 පන්ති වල සිසුන්ගෙ පොත් බෑග් පරීක්ෂා කරනව. ඇයි ඉතින් එයාලටත් මේ කාලෙ සෙල්ලම් රහසක් නෙමෙයිනෙ. කරුමෙකට වගේ අපේ මේ පෙම්වතුන් දෙන්නගෙ ලියුමකුත් අහු වෙනව. ඒත මේ දෙන්න ඉගෙන ගන්න දක්ෂ නිසාත් ගුරුවරුන්ගෙ ආදරයට ලක් වෙලා හිටිය නිසාත් අවවාද කරනව මේ අදහස් අතෑරල විභාගෙට ලෑස්ති වෙන්න කියල. ඒත් ඉතින් අප කවුරුත් දන්නවනෙ අනිත් මොන කාරනේදි ගුරුවරු කියනදේ අහුවත් මේකෙදිනම් ඒක එහෙම නෙමේ කියල. මේ දෙන්න දෙමෙයි මේක නවත්තන්නෙ. ඔහුනම් ඇය කෙරේ පුදුම බැදීමකින් තමයි හිටියෙ.

ඔන්න ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙත් එනව. දෙන්නම විභාගේට හොදින් මුහුණ දෙනව. ඇය සාමාන්‍ය ප්‍රතිපලයක් ලබල තමනි හිටිය පාසලේම නවතිනව උසස් පෙළ කරන්න. එත් ඔහු බොහොම හොද ප්‍රතිපලයක් ලබල මහනුවර ප්‍රෙද්ශයේ පාසලකට යනව වාණිජ විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන්න. ඉතින් ඔහුගෙ මේ ගමනම ඔහුගෙ ජීවිතය තීරණය කරන සාදකය වෙයි කියල කවුද හිතුවෙ දෙවියනේ.

උසස් පෙළ කරන සමයෙ ඔවුනට මුන ගැහෙන්න ලැබෙන අවස්ථව අඩු වෙනව. මේ දුරස් වීමත් එක්ක චාපා වෙනත් පෙම්වතෙක් හොයා ගන්නව. සංජීවට කොහොමින් හරි මේක ආරන්චි වෙනව. ඒත් ඔහු කොහොමද දෙවියනේ මේක දරාගන්නෙ. ඔහුගෙ මානසික මට්ටම බොහොම පහළට වැටෙව. ඔහුට ඔහුගෙ පාසල් ජීවිතෙත් එපා වෙනව. ඔහු පාසල අතෑරල ගෙදර එනව. ගෙදරින් කොච්චර බල කලත් ඔහු නෙමෙයි ආයෙ පාසල වෙත යන්නෙ. ඉතින් ටික දවසක් යද්දි මොහුගෙ හැසිරීම් වල වෙනසක් දැනෙනව. පිස්සු හැදිල ඇත්තටම ඔහුට පිස්සු හැදිල. එ මෙදිවට මත්ද්‍රවය වලටත් ඇබ්බැහි වෙලා. මොහුගෙ උමුතු ගතිය වැඩි උනාම ළග ඉන්න ඕනම කෙනෙකුට පහර දෙනව. අවසක් ඔහුගෙ අම්මටම ලීයකින් පහර දිල දතකුත් කඩනව. ඒ කාලෙ ඔහුගෙ ජීවිතෙ වැඩි හරියක්ම ගෙවුනෙ ගමේ කඩපිල් වලයි බෝක්කු උඩයි තමයි. ඉතින් අවුරුදු දෙක තුනක්ම මොහුට ප්‍රතිකාර කරනව ඒත් කිසිම ගුණයකනම් නැහැ. 

මෙහෙම කාලය ගෙවිගෙන යනව. මේ වෙනකොට චාපා සරසවියටත් ගිහින් අවිත්. ඒත් එක්කම ඇය විවාහ වෙනව. සමහර විට සංජීව කොයි මොහොතක හරි ඇය ඔහුව සොයගෙන එයි කියල බලා පොරොත්තුවෙන් ඉන්නත් ඇති. ඒත් ඇයගේ විවාහයත් එක්ක ඔහුගෙ මේ උමුතු ගතිය තවත් වැඩි වෙනව. 

මේ විදියට එක දවසක් ඔහු ඔහුගෙ ජීවිතය ගැන අන්තිම තීරණය ගන්නව. ඔහු එක දවසක් උදේ මහව ඉදන් මඩකලපුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පනිනව. දෙවියනේ ඔහුගෙ ඒ සුන්දර මුහුන ගරීරයෙන් වෙන් වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ දුම්රිය පදවපු රියදුරාගෙ සාක්ෂියට අනූව මොහු රේල්පාරට සමාන්තරව ඇවිදගෙන ගිහින් කොච්චිය ලන් වෙද්දිම එක පාරටම පැන්නලු. ඔහුගෙ හස කදින් වෙන් වෙලා ඇතට ගිහින්. අපිට මේක ඒ වෙලාවෙම ආරන්චි උනා. අපිට ලොකු වෙහෙසක් දරන්න උනා ඔහුගෙ හිස සොය ගන්න. අපි ලග තමාත් තියනව ඒ වෙලාවෙ ගත්ත ඡායාරූප. ඒති මොනම හේතුවක් නිසාවත් අපි ඒවනම් ඉදිරිපත් කරන්න යන්නෙ නහැ.

ඉතින් ඔහුගෙ අම්ම තාමත් වැළපෙනව. මේ ආදරයෙන් අවසානෙ ඉතිරි වුනේ දෙමව්පියෝ දෙන්නෙකුට දරුවෙක් නැති වුන එක විතරයි. චාපා නම් ඔහුගෙ මළ ගෙදරටවත් ආවෙ නැහැ. ඉතින් අපි කියන්නෙ ආදරය කලාට කමක් නැහැ එත් තමන්ගෙ දෙව්පියන්ගෙ හිත් රිදවල ජයගන්න හදන ආරයනම් කවදාවත් හොද දෙයක් නෙම්. ඒ වගේම තමයි මේ කාරණා වලදි බොහොම බුද්ධිමත් උනේ නැත්තන් තවත් මේ වගෙ තරුණ ජීවිත කියක් නැති වෙයිද