Sri Lanka

Friday, August 2, 2013

මා හට දී ඔයා... ඈ සුරලොව ගියා...


මේ කතාව ගොඩක් සංවේදී කතාවක්. කතාව පටන් ගන්න කලින් කට්ටියගෙන් පොඩ් ප්‍රස්නයක් අහන්න වෙනව. බැදපු අයත් ඉන්නව, බදින්න ඉන්න අයත් ඉන්නව. එත් කමක් නැ. ප්‍රස්නෙ මේකයි.
අපි හිතමුකො ඔයා බැදල ඉන්නෙ කියල. ඔයා ඔයාගෙ බිරිදට ඉතාමත්ම ආදරෙයි. හරියට ඔයාගෙ බිරිද ඔයාගෙ පණ වගේ. ඉතින් ඔයාගෙ බිරිද හාපුරා කියල පළමු දරු උපතට සූදානම් වෙනව. ඉතින් බලා පොරොත්තු ගොඩක් මැද්දෙම මාස 9ක් ගත වෙනව. ඉතින් එ වාසනාවන්ත දවසත් උදාවුනා කියල කියමුකෝ. ඔයා බිරිදව රෝහල් ගත කරල ඒ වාසනාවන්ත පනිවිඩය වෛද්‍යවරය ඇවිත් කියනකල් එතෙන්ට වෙලා බලා ඉන්නව බොහෝම ආසාවක් හිතේ තියාගෙන.
ඒත් වෛද්‍යවරය හදිසියෙම එන්නෙ වෙනත් පනිවිඩයක් අරගෙන. ඔහු ඇවිත් ඔයාගෙන් අහනව, ''ඔයාගෙ බිරිදට දරුව ලැබෙන්න ගොඩක් අමාරුයි. ගොඩක් අවදානම් තත්වයක තමා ඉන්නෙ. ඉතින් අපිට දෙන්නගෙන් කවුද බේරගන්නෙ කියන තීරණයට යන්න වෙනව. දරුවද බෙරගන්න ඔන බිරිදවද බේරගන්න ඕන?'' කියල.
ඉතින් ඔයා දෙන පිළිතුර මොකක්ද? බිරිද බේරගන්න කියනවද? දරුව බේරගන්න කියනවද?
අන්න එතනදි ඔබට ඇතිවෙන හැගීමත් එක්ක තමා අපි මේ කතාව පටන් ගන්නෙ. ඔහු බලාපොරොත්තු රාශියක් කැටිකරගෙන තමන්ගෙ බිරිදත් එක්ක ජීවිතය පටන් ගත්ත කෙනෙක්. ඉතින් ඔහුත් ඔහුගෙ බිරිදට අසීමිත විදියට ආදරේ කළා. ඔහුගෙ මුළු ලෝකයම වුනේ ඔහුගෙ බිරිද තමා. ඇය නැතිව ජීවත්වෙන එකම දවසක් ගැනවත් හිතාගන්න බැරුවයි ඔහු හිටියෙ. ඒ තරමටම ඔහු ඇයට ආදරෙයි. ඇයත් එහෙමමයි.
ඉතින් කාලය මේ විදියට ගෙවිල යද්දි පුන්ච් අමුත්තෙක් ඔවුන්ගෙ කැදැල්ලට එන්න සූදානම් උනා. මේ ගැන දැනගත්ත දවසෙ ඔහු පුදුමාකාර විදියට සතුටු උනා. කොයිතරම් සතුටු උනාද කිවුවොත් දවස් කීපයක් ඔහුගෙ වැඩ කටයුතු ඔක්කොම අමතක කර දාල තමුන්ගෙ බිරිදත් එක්කම ගත කලා. ඔහුගෙ හිතේ ඇය ගැන තිබුණ ආදරය තව තවත් වැඩි උනා. ඉතින් කොතරම් කාර්ය බහුල උනත් ඔහු වැඩිම කාලයක් යොමු කරන්න පටන් ගත්ත බිරිදගෙ අවශ්‍යතාවයන් සොයා බලන්න. 
ඒ කාලෙ මේ තරම් සන්නිවෙදන පහසුකම් එහෙම දියුණු වෙලා තිබුනෙ නැහැනෙ. එ නිසා ඔහු ගොඩක් කරදර උනා බිරිද වෙනුවෙන්. ඇය කොතරම් කිවුවත් තමන්ගෙ කටයුතු තමන්ට කරගන්න පුලුවන් කියල, ඔහු ඒ කිසිම දෙයක් පිළිගත්තෙ නෑ. ඔහු බය වුනා තමන් නැති වෙලාවට වැඩ කරගන්න ගිහින් කරදරයක් වෙයි කියල. ඒ තරමටම ඔහු ඔහුගෙ බිරිදටයි, ලැබෙන්න ඉන්න කිරිකැටියටයි ගොඩක් ආදරෙයි.
ඉතින් බොහොම සුන්දර විදියට ඒ මාස නමය ගෙවීගන ගියා. ඒක ඔවුන්ට දැනුනෙවත් නෑ. මොකද ඒ තරම් සතුටෙන් ආදරෙන් තමා ඔවුන් දෙන්න හිටියෙ. ඔන්න දෙන්නම ඒ බලාපොරොත්තු වුන දවස උදා වුනා. දරුපැටිය මේ ලෝකෙ එලිය දකින්න සූදානම් බව බිරිදට කොන්ද පැත්තෙන් හිමීට දැනෙන්න පටන් ගත්ත වේදනාව නිසා තේරුම් ගියා. ඉතින් ඔහු ඉක්මනින්ම තම බිරිදව රෝහල වෙත රැගෙන ගියා. 
රෝහල වෙත ලගා වෙද්දිනම් බිරිදට දරුව ලැබෙන්න අමාරු ගතිය ටිකක් වැඩි වෙලයි තිබුණෙ. රෝහල් සේවකයින් ළදරු ඒකකයට ඇයව රැගෙන යද්දිත් ඔහුත් ළගින්ම සිටිය. ළදරු ඒකකයෙ දොර අසළදි ඔහු ඇයගෙ නළල සිපගෙන කිවුව ''රත්තරං ඔයාට කිසිම කරදරයක් වෙන්නෑ. ඔයාට දෙවි පිහිටයි'' කියල. ඒත් ඔහු හීනෙකින්වත් හිතන්න නැතිව ඇති ඒ ඔහු ඇයව සිපගන්න අන්තිම වතාව කියල. 
ඇයව දොරෙන් ඇතුළට ගත්තට පස්සෙ ඔහුත් ඒ අසළම රුදුනෙ තමන්ට ලැබෙන දරු පැටිය දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්න අසාවෙන්. මොකද ඒ කාලෙ දැන් වගේ කලිං දැනගන්න විදියක් නැහැනෙ. 
ඒත් දෛවය කොයිතරම්නම් නපුරු වුනාද? අඩුමගානෙ වෛද්‍යවරයට අර අපි මුලින් ඔයාලගෙන් ඇහුව වගේ ඔහුගෙන් අහන්න තරම් දෙයක්වත් ඉතුරු වුනේ නැහැ. දරුව ලැබෙන්න ගිහින් බොහොම අවාසනාවන්ත විදියට ඔහුගෙ බිරිද මිය යනව. අර කිරිකැටියත් එක්ක ඔහු මේ ලෝකෙ සදහටම තනි වෙනව. කොයි තරම්නම් ඔහුගෙ හිත වැළපෙන්න ඇත්ද? කොයිතරම්නම් දුකක් දැනෙන්න ඇද්ද ඔහුට. 
ඔහුගෙ ජීවිතේ සම්පූර්ණයෙනම බිද වැටෙනව. මේ සියලුම දේවල් ඔහුට එපා වෙනව. ඔහුගෙ හිත කෑ ගහල කියන අදෝනාව ඔහුගෙ ළගම හිතවතෙක් පද වැලකට අමුණනව. ප්‍රේම්නාත් ජයතිලක මහතා තමයි මේ ගීතය ඔහුට ලියල දෙන්නෙ. ඉතින් මේ දුක් කන්දරාව හතේ දරාගෙනම ඔහුගෙ එකම සහ අන්තිම ගීතය විදියට ඔහු විසින්ම ඒ ගීතය ගායනා කරනව. ඔහුගේ ගායන විලාසයට ඕනෑම කෙනකුට ඇඩෙනවා. ඒ තරම් දුක් බර විදියට ඔහු ගායනා කරනවා.

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ.. අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ..
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා.. මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ..
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..
මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා.. ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ..
එතකොට ම‍ගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ

සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී... සුර විමනක වැදී.. මගේ රන්කද නිදී.. සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..


ගායනය කේ.සේන මහතා

ගීතය අහන්න මෙතනින් http://www.youtube.com/watch?v=uGe6qCuHJTY
බුවනෙකබා යෞවන සමාජය