Sri Lanka

Wednesday, August 7, 2013

කිරි අම්මා වරු දනට වඩිනවා - කිරි සුවදයි මුලු ගම්මානේ


අපි හැමෝම අපිව මේ ලෝකෙට ජනිත කරපු, අපිව හැදු වැඩූ ආදරණිය දෙමව්පියන්ට ගොඩක් ආරෙයි. නමුත් අපිට අපේ දෙමව්පියන්ගෙ අගේ දැනෙන්නෙ ඒ අය අපි ළග නැති උන දවසට. මට හොදට මතකයි අපේ පාසලේ මාපිය ගුණ සම්භාවනාව පවත්තපු වෙලාවෙ ඒ ස්වාමීන් වහන්සේ අපේ දෙමව්පියෝ අපේ ඉස්සරහ ඉන්දවල දෙමව්පියන්ගෙ ගුණ වර්ණනා කරන අතරෙ තමන්ගෙ අතේ තියන කිරිබත් කෑල්ල කවන්න කයිද්දි දරුවොයි දේමව්පියොයි ඔක්කොම අඩපු හැටි. ඒක අපි ජීවිතේ මුහුණ දුන්න පුදුමාකාර අවස්ථාවක්. අපිට දුක හිතුනේ අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරන අම්මල තාත්තල වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියල. ඉතින් ඒ වෙලාවෙ අම්මලා තාත්තලා අඩන්න ඇත්තේ ඒ අයගෙ දෙමව්පියෝ සිහිවෙලා වෙන්න ඇති. ඒත් අපේ අම්මලා තාත්තලා අපිට ගොඩක් ආරෙයි. ඒ අය මොන දුක් විදල තිබුනත් කවදාවත් අපිට දුකක් දැනෙන්න දෙන්නෑ. ඉතින් ඒ අය ලග නැතුවම අපිට ඒ අඩුව පුදුමාකාර විදියට දැනෙනව. මේ ලිපිය ලියන මගේ අප්පච්චිත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. මට අප්පච්චි නැති අඩුව ගොඩත් තදින් දැනෙනව.

කොහොම නමුත් අපි ගොඩක් වාසනාවන්තයි. අපේ මෙව්පියන්ගෙ ආදරේ අපි ලබල තියනව. ඉතින් මේ ලෝකෙ තවත් අපේම සහෝදර සහෝදරියො ඉන්නව දෙමව්පියන්ගෙ ආදරය නොලබන. ගොඩක් දෙනෙක් අනාථ නිවාස වල ජීවත් වෙනව. තවත් අය නොයෙකුත් හේතු නිසා වෙනත් දෙමව්පියන් හදාගන්න ගන්නව. ඉතින් මේ අයගෙන් සමහරුන්ට යම් යම් ප්‍රස්න වලට මුහුණ දෙන්න සිදු වෙනව. නමුත් සමහර දෙමව්පියෝ කිසිම වෙනසක් කරන්නැතුව තමන්ගෙ දරුවන්ට ආදරය කරනව. ඉතින් අපි මේ කියන්න හදන්නෙත් ඒ වගෙ කතාවක් තමයි.

එක්තරා පවුලක අක්කෙකුයි නංගියෙකුයි ජීවත් වෙනව. මේ දෙන්න බොහොම ආදාරෙන් තමා ජීවත් වෙන්නෙ. මේ නංගිගෙ අක්ක කෙරේ පුදුමාකාර ආදරයක් ගෞරවයක් තමයි තිබුණෙ. අක්කගෙන් තොර ලෝකයක් තිබුනෙ නෑ එයාට. ඒ තරමටම අක්කට ඇය ආදරෙයි. ඉතින් මේ අක්ක විවාහ වෙනව. ඇයගෙ සැමියත් ගොඩක් හොද කෙනෙක්. ඉතින් ටික කාලෙකින් නන්ගිත් විවාහ වෙනව. 

ටික කාලයක් මෙහෙම ගෙවෙද්දි අක්කට දරුවෙක් ලැබෙන්න යනව. මේක දැනගන්න නංගි පුදුමාකාර විදියට සතුටු වෙනව. ඉතින් මෙහෙම කාලය ගෙවිල ගිහින් අක්කට ලස්සන පුතෙක් ලැබෙනව. දරුව ලැබෙන වෙලාවෙ කට්ටියම එකට ඉන්නෙ. ඉතින් දරුවව මුලින්ම වඩාගන්නෙ මේ නංගි. ඇය පුදුමාකාර විදියට දරු සෙනෙහසින් උතුරා යනව. ඒත් මේ දරු පැටිය කොයි තරම් අවාසනාවන්තද. ඔහුගෙ මවට හදිසියෙම අමාරු වෙනව. ඇය අමාරුවෙන් වචන ගලපලා නංගිට කියන දරුවව බලා ගන්න කියල. ඒ ගමන්ම ඇය මේ ලෝකෙ හැරල යනව. 

ඉතින් මේ දරුවගෙ තාත්තට දරුවව හදාගන්නව කියන එක ලොකු අමාරු වැඩක්. ඉතින් මේ නංගි මේ අක්කට තියෙන ආදරයයි දරුවට තියෙන ආදරයයි නිසා ඇය මේ දරුවට හදන වගකීම බාරගන්නව. ඇයගෙ සැමියත් බෝධිසත්වයෙක් වගේ කෙනෙක්. ඔහු කිසිම අකමැත්තක් දක්වන්නෑ මේ ක්‍රියාවට. 

ඉතින් මේ දරුව මේ දෙන්නගෙ සෙවනෙ බොහොම අපූරුවට වැඩෙනව. ඇය පුදුමාකාර දරු සෙනෙහසක් තිබුන කෙනෙක් මේ දරුවට අසාධාරණයක් වෙයි කියල ඇය නැවත දරුවන් හදන්නෙත් නැහැ. නමුත් දරුව ලොකු වෙනකොට මේ දෙවල් දැනගන්න ඉඩ තියනව. මේ අම්ම තමන්ගේ පුතා මේ ගැන විමසයි කියන බයනේ තමා ඉන්නේ. දරුව ටික ටික ලොකු වෙද්දි ඇයගෙ හිතට පුදුමාකාර සිතුවිලි ගලා එන්න ගන්නව.

කිරි අම්මාවරු දානෙට වඩිද්දි මගේ පුතා ඇහුවොත් ඇයි මම යන්නැත්තෙ කියල, ඒකට කොහොමද මම උත්තර දෙන්නෙ පුතේ. මම කිරි අම්ම කෙනෙක් නොවන බව මම දන්නව. මට උඹව මගේ කුසින් බිහිකරන්න බැරි උනා තමයි, උඹට මගෙ ලේ කිරි කරල පොවන්න බැරි උනා තමයි, ඒත් රෑ නිදි වරාගෙන උඹේ කැත කුණු අතගාල හැදුවෙ මමයි. මම උඹෙන් දරු සුරතල් බැලුව මිසක් වෙනත් දරුවෙක් හැදුවෙ නෑ පුතේ. ඒත් මතු භවයෙවත් උඹ මගේම පුතා වෙලා ඉපදෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

ඉතින් මෙන්න මේ විදියට මේ අම්මගෙ හිතට නැගෙන සිතුවිලි දාමය තමයි චන්ද්‍රෙලේඛා පෙරේරා මහත්මියගෙ හඩින් මේ විදියට ගැයෙන්නෙ.

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ 
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක්විදලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇග ලේ කිරි කර පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස 
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම් 
නුඹ බිහිකර මව වීලා