Sri Lanka

Friday, August 9, 2013

බත්පත දුටුවම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර


අද වෙනත් දෙයක් ලියන්න හිටියත් මේ ලිපිය ලියන්න හිතුනෙ අපේ page එකේ ඉන්න අක්ක කෙනෙක් අම්මට කියලා හෑමදාම දවල්ට බත් එකක් පොස්ට් කර ගන්න තියෙනවනම් කියලා හිතෙනවා" කියල දාල තිබ්බ status එක නිසා. අක්කෙ ඔයාට ගොඩක් ස්තූති මේ ලිපිය ලියන්න මග පාදලා දුන්නට.

මේ කතාව කියන්නෙ ගමෙන් කොළඹට රැකියවකට එන තරුණයෙක්. ගමේදි කොස් පොලොස්, අල බතල මඤ්ඤොක්කා වගේ දේවල් එක්ක අම්ම උයල දෙන රසම රස බත් එක කාල හුරු මේ තරුණයාට කෑම ගන්න වෙන්නෙ කඩෙන්. ඉතින් බත් එක අතට ගත්තම මතක් වෙන්නෙම තමන්ගෙ අම්ම. අම්මගෙ බත් එක රස වෙන්නෙ අම්ම රසට උයන්න පුලුවන් හින්දම විතරක් නෙමෙයි, අපේ අම්මලගෙ ආදරයත් ඒ බත් එකට එකතු කරන හින්ද. ඒක කරන්නෙ කොහොමද කියන රහස නම් අම්මලාම තමා දන්නෙ. ලෝකෙ ඉන්න හොදම සුපවේදියා ගෙනාවත් ඒ රහස නම් කියල දෙන්න බැරි වෙයි එයාට. අපිට උනත් ඉතින් කැම්පස් එකේ කැන්ටිමේ බත් එක දක්කම මේ දේ හොදටම මතක් වෙනව. 


ඉතින් මේ තරුණයාට කන්න වෙන්නෙ කඩෙන් ඒ වගේම බොන්න වෙන්නෙ බෝකල් කල වතුර. ඒ නිසාම අම්ම නැති අඩුව නිතරම දැනෙනව ඔහුට. ඔහුට විතරක් නෙමෙයි ගමෙන් නගරෙට ගිය, ඒ වගේම ලන්කාවෙන් වෙනත් රටවල් වලට අම්මලගෙන් ඈත් වෙලා ගිහින් ඉන්න හමෝටම මේ අඩුව දැනෙනව. හැබැයි තව දෙයක් කියන්න ඔන අපි ගෙදර කන බත් එකේ අම්මගෙ රස විතරක් නෙමෙයි අපේ තාත්තලා හෙලපු දාඩිය වල ශක්තියත් එකතු වෙලා තියනව.

ඉතින් මේ තරුණයාගෙ හිත නගරෙ මැද්දට වෙලා විලාප තියන විදිය තමයි මේ විදියට ගීයකට නගල තියෙන්නෙ. සහන් මුතුකුමාරණ කියන ගීත රචකයා තමයි මේ ගීතය රචනා කරල තියෙන්නෙ. flashback සංගීත කණ්ඩායමේ කිංග්ස්ලි පීරිස් තමයි මේ ගීතය ගයනා කරන්නෙ. ගොඩක් ලස්සනයි. අහල බලන්න.


බත්පත දුටුවම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර
කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවද
මහ මග තෙමුනම රිදුනා අම්මේ මගෙ මේ තුන් හිතම
සුදු පිරියම් කල මාලිග වල නෑ අම්මේ ඔබෙ සුවද

නුවරක සිරියයි පෙනුනේ හැම තැනම
දෙපා වාරු නෑ ඇවිදින්නට දුරක
රං කද වන් දිය ගෙන යනවා බෝතල් කල වතුර
රුපියල් සීයට විකිණෙනවා බෝනික්කන් විතර


ඇපල් ගණන් නෑ හරි ලාබයි සතුට
බෙදා ගන්න බෑ ගෙනා දෙයක් මෙහෙට
ඉර හද එක එක වර ඉල්ලනවා පාරේ මහ සෙනග
තාමත් නෑ මට හමුවීලා විශාකාව පැතුව 

ගීතය බලන්න මෙතනින්. http://www.youtube.com/watch?v=k6wVjtLJ4c0