Sri Lanka

Friday, August 9, 2013

අහන් ඉන්න... අහගෙන ඉන්න...


මට මේ ලිපිය ලියන්න හිතුනෙ මම මේ ළගදි දවසක දුම්රියෙදි දැකපු සිද්ධියක් නිසා. ඒකෙන් මම හිතෙනව අපිට ගොඩක් වැදගත් පනිවුඩයක් ලැබෙනව කියල.

මම කොළම කොටුව දුම්රිය සථානයෙන් මාතර ඉදන් අනුරාධපුරය බලා යන රජරට රැජින දුම්රියට නැගුනෙ ගෙදර බලා එන්න. ඉතින් කොහොම හරි අමාරුවෙන් කට්ටිය අතරින් ගිහින් ඉදගන්න තැනකුත් අල්ල ගත්ත කියමුකො. මම හිටපු සීට් එකේම අනික් පැත්තෙ හිටියෙ අම්ම කෙනෙකුයි ඒ තාත්තයි පොඩි දරුවෙකුයි. මම හිතන්නෙ පෙරපාසල් මන වයසෙ වගේ. මේ දරුව ගැහැණු දරුවෙක් උනාට ටිකක් දගකාරයි. ටිකක් දුර යද්දි මට තේරුන විදියටනම් ඒ ළමයට කාටවත් ආස හිතෙන විදියෙ ළමා කමක්නම් තිබුණෙ නැහැ. හැම වෙළෙන්දම ගේන එව ඉල්ලනව, එහෙ මෙහෙ දගලනව. ඒ ළමයගෙ අම්මටයි තාත්තටයි හරිම වදයක් මේක. ඒ ගතිගුණ වලට දෙමවිපියොත් වග කියන්න ඕන කියලයි මම හිතන්නෙ.

            ඉතින් කොහොමින් කොහොමින් හරි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළගා උනා. එතනදි අපි හිටපු මැදිරියට ගොඩ වුනා පාසැල් ඇරිල එන ගැහැණු ළමයි දෙන්නෙක්. බැලූ බැල්මටම බොහොම අහින්සක ගතියක් තමයි දැක්කෙ. ඉතින් ටිකක් දුර යද්දි මේ දෙන්න බොහොම රසවත් කතාවකට වැටුනා. එතනදි තමයි දැනගත්තෙ මේ ළමයි දෙන්නම ගොළුයි කියල. ඉතින් මේ අය තමන්ගෙ අදහස් ප්‍රකාශ කරගන්න කොයි තරම් නම් වෙහෙසක් දරනවද කියල අපි කවුරුත් දන්නවනෙ. ඒ අමාරුකම මැද්දෙ උනත් කතාව බොහොම රසවත් එකක් බව නම් තේරුනා ඒ දෙන්නගෙ මුහුනෙන් පෙනුන හැගීම් වලින්. සමහරවිට එයාලගෙ පාසලේදි සිද්ධවුන දෙයක් වෙන්න ඇති. කතා කරන්න පුළුවන්නම් ඉතින් ඒක ලස්සනට කියල හිනාවෙලා කොයි තරම් සතුටක් ලබයිද එයාලා. ඉතින් මෙයාල විදින මේ අපහසුව දැකල මගේ හිතෙත් ලොකු අනුකම්පාවක් ඇති වුනේ.

මෙ දෙන්නගෙ කතාව මේ විදියට ගලාගෙන යද්දි අර මම කලින් කිවුව පොඩි ළමය මේක දැක්ක. මෙයාල අත් එහෙමත් පාවිච්චි කර කර ලොකු වෙහෙසක් දරනවනෙ කතා කරන්න. ඒක ටිකක් අමුතුයි වගේනෙ. ඉතින් මම කිලන් කිවුව අර පොඩි ළමය ගියා එතෙන්ට. ගිහින් එකපාරටම අර ගැහැණු ළමයි දෙන්න කරන දේම කරන්න ගත්ත. මේ දෙන්න මේක දැක්කම පුදුම අපහසුතාවයකට පත් වුනේ. එයාලගෙ මුහුන ලැජ්ජාවෙන් රතු වෙලා ගියා. අර සෙනග මැද්දෙ මෙයාල පුදුම අපහසුතාවයකට පත් වුනේ කියල මට දැනුන. හැබැයි එතනින් පස්සෙ මේ දෙන්නගෙ කතව සම්පූර්ණයෙන්ම නැවතුනා. ආයෙ කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් බැහැල යනකල්ම වචනයක්වත් කතා කරන්න උත්සාහ කලේ නැහැ.

            ඉතින් මේ ළමය මේ දෙය නොතේරෙන කමට කලත් ඒ දෙමව්පියන්ට පොඩ්ඩක් හරි අවබෝධයක් තිබුනනම් මේ දේ නවත්තන්න ඕන කියල, මේකෙන් මේ ළමයින්ට දුක හිතෙන්න පුළුවන් කියල, එහෙමනමි මෙහෙම නොවෙන්න තිබුණ. අපිත් කියන්නෙ ආබාධිතයි කියල කිසිම කෙනෙක් කොන් කරන්න හොදනෑ කිසිම මොහොතක. මොකද ඔවුනුත් අපේම සහෝදර සහොදරයින්. ගොළු අය විතරක් නෙමෙයි අන්ධ, ඒ වගේම අවයව වල විකෘත්ති තාවයන් තියන අය, මන්ද මානසිකත්වයෙන් පෙළෙන අය, මේ හැමෝම. ඔවුන්ටත් හිමි තැනක් මේ ලෝකෙ තියනව. අපි ඔවුන්ට උදව් කරන්න ඕන ඒ තැනට යන්න.

පහුගිය කාලෙ ගොඩක් ජනප්‍රිය වුන ගීතයක් තිබුණ ඒ තමයි මේකලා ගමගේ ගායනා කල අහන් ඉන්න කියන ගීතය. ඇයගෙත් දෑසම අන්ධයි. ඇය ඒ ගීතය ගායනා කරල තිබුණෙ සියලුම අබාධ සහිත සහොදර සහෝදරියන් වෙනුවෙන්. ඒ ගීතෙයෙන් කිවුවෙත්, අපිටත් ඔයාලට වගේම හැගීම් දැනීම් තියනව, ඒවට ඇහුම්කන් දෙන්න, මේ ලෝකෙ ඔයාල අහන දකින හැමදේම අපිට දැනෙනව. මල් පිපෙනව, ඒවගෙ සුවද දැනෙනව, වැස්ස වහිනව, ඒ සීතල දැනෙනව, ඒ නිසා අපි විතරක් වෙනස් කියල සලකන්න එපා කියල. අපිත් කියන්නෙ අපිට හැකි හෑම නෙලාවකම ඔවුන්ට උදව් කරමු. ඔවුනුත් අපේම සහොදර සහෝදරියන් විදියට සලකමු.

අහන් ඉන්න
අහගෙන ඉන්න
මගේ හිත
මොනවද
මුමුණනවා...

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක
සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා..

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක
දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..