Sri Lanka

Thursday, August 8, 2013

පුතුනේ.. මේ අහගන්න පුතුනේ..



 
මේ කාතව ඇත්තටම සිද්ධවුන දෙයක්. මේ ලිපිය ලියන මම සැබැවින්ම විදපු අත්දැකීමක්. තවත් මෙවන් දේවල් සිදු නොවීමට මේ කුරිරු යුද්ධය හමාර කළ අතිගරු ජනාධිපති තුමාටත් ත්‍රිවිධ හමුදවේ සියළුම රණවිරුවන්ටත් අපට සහය පලකළ සියළුම විදේශික හිතවතුන්ටත් 
අප ස්තූතිවන්ත විය යුතු වෙමු.

ඔහු පිරිමි දරුවන්ම තුන්දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනි දරුවා. ඔවුන්ගෙ පියා නැති වුනේ ඔවුත් ගොඩක් පුන්චි කාලෙදිමයි. ඔවුන්ගෙ අම්ම ඔවුන්ව ජීවත් කරවන්න නොවින්ද දුකක් නැහැ. නමුත් කෙසේ හෝ ඇය ඔවුන්ව ජීවත් කළා. ඔහු සා/පෙළ ලියනවත් එක්කම යුධ හමුදාවට බැදෙන්න තීරණය කරන්නෙ තව දුරටත් තමන්ගෙ අම්මට බරක් වෙන්න බැරි නිසා. දියතලාව යුධ හමුදා කදවුරෙන් පුහුණුව ලබන මොහු දොලොස්වන ගජබා රෙජිමේන්තුවේ සෙබලෙක් විදියට යුද හමුදා සේවයට එක් වෙනව. මොහුගේ හැකියාව නිසාම මොහු ස්නයිෆර් කරුවෙකු ලෙස තොරා ගන්නව. ඔහු බොහොම අවංකව අවුරුදු ගණනාවක් තම සේවය ඉටු කරනව. 

නමුත් ඔහු හමුදා සේවයට එක් වුන දවසෙ ඉදන් ඔහුගෙ අම්ම දවස ගෙවන්නෙ හැඩු කදුලෙන්මයි. හැමදාම හවසට දේවාලෙට ගිහින් පහන් පත්තු කරනව. සතියෙ හැම සෙනසුරාදාවකම බොධිපූජා පවත්වනව. තමන්ගෙ දරුවව ආරක්ෂා කරගන්න ඇය පුදුම විදියට කැපවුනේ.

2008 නොවැම්බර් මාසය. ඔහු වවුනියාවෙන් යුධ බිමට එක් වුන 56 වන සේනාංකයේ සේවය කරමිනුයි හිටියෙ. ඒ වෙනකොට ඔහු විවාහ වෙලා යන්තම් මාස 2ක් ගතවුනා විතරයි. මට මතක හැටියට ඔහු විවාහයෙන් පස්සෙ පළමු වතාවට නිවාඩු ඇවිත් අපහු සේවයට වාර්තා කරල යන්තම් දවස් 2යි ගතවුනේ. ඔහු බොහොම අවාසනාවන්ත විදියට රදුරු ත්‍රස්ථවාදීන්ගෙ කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වෙනව. ඔහුගෙ ඉනෙන් ඉහළ කොටස පමණයි ඉතුරු වුනේ. අනෙක් කොටස් හොයගන්නවත් නෑ. 

ඉතින් හමුදා නිලධරියෙකු ඇතුළු කණ්ඩයමක් ඔහුගේ මිනියත් රැගෙන ඔහුගෙ නිවස බලා පිටත් වෙනව. ඔවුන් ගම් ප්‍රෙදේශයට ළං වෙද්දි වෙලාව යන්තම් පාන්දර 4 පහු වුනා විතරයි. ඒ කණ්ඩායම බාරව පැමිණි හමුදා නිලධාරියා බොහොම බුද්ධිමත් නිලධාරියෙක්. ඔහු මිනිය රැගෙන ආ වාහනය නිවසට තරමක් දුරින් නවත්තගෙන වෙනත් වාහනයක් නිවසට යවනව. ඒ පිරිස නිවසට යනවිටත් පිරිස නින්දෙ. නිවසට දැනුම් දුන් පණිවිඩය හරි හැටි පොළිසියෙන් සන්නිවේදනය වෙලා නැහැ. කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ ඔහු මිය ගිහින් කියල. මොකද ඊට දවසකට කලින් ඔහු ඔහුගෙ අම්ම සහ බිරිද එක්ක කතා කරනව. පසුව ගමේ අය පොළිසිය එක්ක ආරවුලකුත් ඇති කරගන්නව මේ පිළිබදව. 

පසුව ඒ නිලධාරීන් කනගාටුවෙන් වුනත් මේ පුවත දැනුම් දෙනව. එත් දෙවියනේ මේ අම්ම කොහොම දරගන්නද මේ තරම් දුකක්. ඒ වගේමයි ඔහුගෙ බිරිදත්. ඔවුන් ඒ මොහොතෙ දුන්න විලාපය පැය ගණනාවක් පුරා ගම වටේ රැවි දුන්න. ඔවුන් නගපු ඒ අදෝනාව හැම කෙනෙකුගේම නෙතට කදුලක් එක් කළා. ඒ අම්ම කියපු දේවල් කාටද අහන් ඉන්න පුළුවන්. ඔහුගෙ පුංචි කාලෙ ඉදන් මේ වෙනකල් සියලුම දේවල් කියව කියව ඇය ඇඩුවෙ. 

ඉතින් ඔහු පුංචි කාලේ ඔහුව නලවන්න ගැයු මෙවන් නැලිවිලි ගී කීයක් නම් ඇයට මතක් වෙන්නට ඇද්ද.

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

ඔහුගෙ මිනිය තැන්පත් කිරීමේ තටයුතු සියල්ලක්ම සිදු කෙරුනෙ ගමේ තරුණ පිරිස අතින්. නමුත් ඒ තදින් වැහි ඇදහැලුන වැහි කාලයක්. අභීත රණවිරුවෙක් විදියට රට වෙනුවෙන් දිවි පුදල සිංහ කොඩියක් යටින් ඇවිත් ඔහුගෙ මිනිය තැන්පත් කරන්න සිදු වුනේ වතුර වළක. මේක දැකපු කවුරුත් අවසන් කටයුතු වලට දායක වුනේ හැඩූ කදුලෙන් තමයි. 

මේ තවත් එක් සිදුවීමක් පමණයි. තවත් මෙවන් දුක් විදින දෙමව්පියො කොතෙක්නම් මේ රටේ ඉන්නවද