Sri Lanka

Friday, September 27, 2013

රජ මැදුරක ඉපදී හිටියා නම් නුඹත් රජෙකි පුතුනේ



අද තවත් වෙනස් මාතෘකාවක් එක්ක සත්‍ය කතාවක් ඔයාලට කියන්න. මේක මම දැකපු දෙයක් නම් නෙමෙයි. මේක සිද්ධවෙලා තියෙන්නෙ මගේ සහෝදරය විකිරණ තාක්ෂණවේදියෙක් හැටියට පුත්තලම මූලික රෝහලේ X’ray අංශයේ ප්‍රධානියා විදියට කටයුතු කරන කාලයේදි තමයි.

මට මතක හැටියට මේ සිද්ධිය උනේ 2002 විතර. මගේ සහෝදරය සුපුරු පරිදි තමන්ගෙ කටයුතු කරමින් හිටියලු. ඒ අතරෙ තරුණ ගැහැණු ළමයෙක් ඇවිත් බොහොම බයෙන් ඇවිත් වටපිට බල බල ඉන්නවලු. අනිත් අයට වඩා බයෙන් හිටිය නිසා සහොදරය ළගට ගිහින් ඇයගෙන් අවශ්‍යතාවය ගැන අහල බැලුවලු. ඉතින් ඇය ඇවිත් තියෙන්නෙ බොහෙම දුර බැහැර ඉදන්. ඇය උසස් පෙළ සමත්වෙලා සරසවි වරම් ලබල ඇතුලත්වීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වල කටයුතු කරගෙන යන්න තමයි ඇවිත් තියෙන්නෙ. එතෙන්ට ඇවිත් තියෙන්නෙ X කිරණ ඡායාරූප අරගන්න. ඉතින් දන්න අය දන්නව පුත්තලමෙ ඈත ගම්මන වල ප්‍රවාහන පහසුකම් කොහොමද කියල. එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියනව මට හරියටම නම මතක නෑ ඒකෙ වැඩ කරන අය සමහර දවස් වලට සේවයට යන්නෙ වැලි අදින ට්‍රැක්ටර් වල. ඈත අයට 3.30ට විතර ආපහු එන්නත් දෙනව නැත්තන් එන්න බැහැනෙ.

ඉතින් ඇයටත් ගොඩක් ප්‍රමාද උනොත් යන්න බැරි නිසා ඇයගෙ කටයුතු ඉක්මනින්ම කරල දෙන්න හිතුවලු. ඇයට සපත්තු දෙක ගලවලා ඇතුලට එන්න කියුවලු. ඇය ටිකක් අදිමදි කරල තියනව. අයෙත් කිවුවම සපත්තු දෙක ගැලෙව්වලු. ඇත්තටම බොහොම හද කම්පා වෙනවලු ඒ සපත්තු දැක්කම. ඒව දාන්න පුලුවන් තත්වයක කොහෙත්ම තිබිල නැහැ. ඉතින් එතන අවශ්‍ය කටයුතුතු කරල දීල වෙනත් සෙවකයෙක් එක්ක අනිත් කටයුතු කරගන්නත් යැව්වලු. 

එත් යන්න මොහොතකට කලින් ඇය මගේ සහෝදරයව හොයාගෙ ආවලු අයෙමත්. ඔහුත් බැලුවලු ඇයි මේ ආයෙමත් කියල. ඇය ලගට ඇවිත් කරපු උදව් වලට ගොක් ස්තූතියි සර් කියල දන ගහල කකුල් දෙක අල්ලලා වැන්දලු. ඉතින් මේක කොහොමටවත් බලාපොරොත්තු නොවුන දෙයක් හින්ද ඔහුගෙ ඇස් වලට කදුළු ආවලු ඇත්තටම ඒ වෙලාවෙ රුපියල් දෙතුන්දාහක් අතේ තිබුණනම් දීල යවන්න තරම් හිතුනලු. මේ විශම සමාජයේ ඇය තුළ තිබුන මේ ගති ගුණ හරිම පුදුමාකාරයි. ඇයගෙ දුප්පත්කම තුළම මනුෂ්‍යත්වය පුදුමාකාර විදියට ගැබ්වෙලා තිබිල තියනව.

මේ සමාජ ක්‍රමයත් එක්ක තමත් මේ වගේ ඉගෙන ගන්න දහදුක් විදින තවත් කී දෙනෙක් නම් ඉන්නවද? ඔවුන්ට මේ සමාජය තුළ හිමි කොතැනද? හැම දෙයක්ම අවිනිශ්චිතයි. රජමැදුරු වල ඉලදුන අයට හැමදමත් සැප. දුගී පැලක ඉපදුන අයට හැමදාමත් දුකම තමයි. අන්න ඒ වගේ සමාජ විෂමතාවයෙන් බැට කෑ දුගී සමාජයේ ඉදගෙන ලොකය දකින්නට වෙහෙස දරන සුවහසක් දරුවන් වෙනුවෙන් තමයි මාලනී බුලත්සිංහල මහත්මිය මේ ගීතය ගායනා කරන්නෙ.

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

ගායනය - මාලනී බුලත්සිංහල
රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන