Sri Lanka

Saturday, November 2, 2013

අම්මාලා දුක් ගන්නේ පුතුන් හදන්ටා


පොඩ්ඩක් නිහඩ වෙලා හිටියත් අයෙත් යමක් ලියන්න හිතුන. අපි නිතරම විශ්වාස කරනව ඔහෙ ආවට ගියාට නිකම්ම නිකම් වැල්වටාරම් ටිකක් ලියල මේකට දාන එක තේරුමක් නැහැ කියල. ඉතින් හොද දෙයක් ලියන්න යම් කාලයක් ගියත් ඒක හොදට කරන එක තමයි අපේ අරමුණ.

දුම්රිය කියල කියන්නෙ ඇත්තටම ජීවිතේට පුදුමාකාර අත්දැකීම් එක්කරන තැනක් විදියටයි මමනම් දකින්නෙ. ගොඩක්ම දුර ගමන් යන කොච්චි. අපිට විවිධ පුද්ගලයින් මුනගැහෙනව ඒ තුළින්. ඉතින් රජරට රැජින කියන්නෙ ඒ වගේ අත්දැකීම් ගොඩක් මගේ ජීවිතේට එක්කල තැනක්.

අද කොළඹ කොටුවෙන් බොහොම අමාරුවෙන් දුමරියට නැගගත්තෙ දුම්රිය අද්දනකොටම වගේ මම එතෙන්ට ආව නිසා. බොහොම අමරුවෙන් ඇතුලට රින්ගගෙන සීට් එකකින් අල්ල ගත්ත. එතනම හිටියෙ වයසක අම්ම කෙනෙක්. රාගමදි මට ඉදගන්න ඉඩ ලැබුන නිසා මම ඒ අම්මට එහා පැත්තතෙන් ඉද ගත්ත. ටික දුරක් යද්දි මේ අම්ම මගෙත් එක්ක කතා කලා. මුලින් කිවුව පුතා මම ගනේවත්තට යන්නෙ. ලන් උනාම කියන්න කියල. මම ඉතින් මහවටම එන හින්ද මන් හා කිවුව. ඒ අම්ම බොහොම හොදට මාත් එක්ක කතා කලා.
එහෙම යන අතරෙ තමයි ඇයගෙ මේ කදුලු කතාව මට කියන්න පටන් ගත්තෙ. 


ඇය කිවුව විදියටම මම කතාව කියන්නම්. "පුතේ මට පුතාල හතරදෙනෙකුයි දුවල තුන්දෙනෙකුයි ඉන්නව. ඒත් මේ වෙනකොට මටයි මගේ මහත්තයටයි සලකන්න කිසිම කෙනෙක් නෑ පුතේ. බේත් ටිකක් ගන්න එක රුපියල් සීයක් දීපන් කියන්න කෙනෙක් නෑ පුතේ. දරුවො හත්දෙනෙක් හදනව කියන එක ලේසි වැඩක් නෙමෙයි. එත් අපි නොකා නොබී හරි දරුවො ලොකු හමත් කලා කිසිම අඩුවක් නැතුව. අපි නොකා හිටිය දවස් අනන්තයි. එත් අපි කිසිම දරුවෙක් බඩගින්නෙ තිබ්බෙ නෑ. ගොඩක් දුක් මහන්සි වෙලා අපි වැඩ කලා දරුවො වෙනුවෙන්. අර මනුස්සය දැන් ඇවිදගන්න බැරුව ඉන්නෙ ඒ කාලෙ ගොඩක් මහන්සි උන හින්ද. අපි දුක් විදල විදල දරුවොන්ට ඉගැන්නුවා. විශ්ව විද්‍යාලෙ ඇරිය. ඒත් අද අම්මෙ තාත්තෙ කියල ඇවිත් බලන්න කෙනෙක් නෑ පුතේ. හැමෝම හොද හොද රස්සා කරනව කිසිම අඩුවක් නෑ. මට අවසානෙට ඉතුරු උනේ මගෙ වත්ත විතරයි. දැන් ඒකෙ පොල් ටික කඩාගන්නෙත් එයාල. ඒකෙන්වත් මට කීයක්වත් දෙන්නෙ නෑ. මගෙ මහත්තයට දනිස් ඉදිමීමේ රෝගෙ හැදිල එයාලගෙ නන්ගිගෙ ගෙදර නැවැත්තුවා වෙදකම් කරන්න. අද මම පුතාලට කොල් කරල කිවුව තාත්ත එක්ක එන්න රුපියල් දෙදාහක් දෙන්න කියල. එත් එක්කෙනෙක් ගාවවත් නෑ කිවුව. ඉතින් පුතේ දැනුත් නැති සල්ලි ඒ මනුස්සය මලාම දෙන්නද? මට මේව කල්පනා කරලම දැන් හරි කල්පනාවකුත් නෑ. ඒකයි ස්ටේසමට ආවම කියන්න කිවුවෙ"
 
එහෙම කියල ඒ අම්ම ඇඩුව. ඒ අඩල අවසානෙදිත් ඒ අම්ම කිවුවෙ "පුතේ අපිට සැලකුවෙ නැහැ කියල නෑ මම හැමදාවත් පතන්නෙ ඒ දරුවන්ගෙ දියණුවම තමයි."
 
මේ කතාව අහපු මගෙ ඇස් වලට කදුලු ආව. මට ඒ වෙලාවෙ මුකුත්ම කියාගන්න බැරි උනා. එත් මම ඒ අම්මව හිතින් වැළදගත්ත. මට හිතුනෙ අම්මෙ ඔයා වෙනුවෙන් මට යමක් කරන්න පුලුවන්නම් කියල.

මේ කතාව ඇහුවම අපිට හිතෙනව දැන් දැන් අපි තුළ තියන මනුෂත්වය කොයිබටද යන්නෙ කියල. අපිව හදපු වඩපු අමමවයි තාත්තයි අමතක වෙනවනම් කවදාවත් ඔවුන් මිනිස්සු නෙමෙයි. අපෙ හිතට මතක් වෙනව අපි මොන වෙලාවක හරි අපේ අම්මලට සැර දැම්මනම් අපි හදන්න දහදුක් විදපු අම්මට නේද මේ සැර කෙරුවෙ. අපේ කැත කුණු අත ගාපු අම්මට නේද අපි මේ නොසලකා ඉන්නනෙ. අපි වෙනුවෙන් දාඩිය හෙලපු තාත්තට නේද අපි මේ වෙස්කම් කරන්නෙ. මේ හැම දෙයක්ම නිතැතින්ම අපේ මතකයට නැගෙනව අපේ දෙමව්පියන්ට අපි නොසලකා ඉන්නවනම් මේ වගේ කතා දැක්කම.

අවසන වශයෙන් අපි මේ අම්ම වෙනුවෙන් පතන්නෙ "අම්මේ ඔබට යම් මතු ආත්මයක බුදු බව ලාබේවා‼" කියලයි.

අම්මාලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී

නුඹට ඇහැක්දො මගෝ පුතා සොයන්ටා
බෑ නුඹටා ඒ නුඹාටා බෑ
ඉරට ගියාවයි සදට ගියාවයි
කොහේ ගියත් කුමක් කරම්දෝ

ලෝකෙට ලොක්කා වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ
බාසුරුවන්නේ පාට රුවන්නෙ
මගේ පුතා කෙලෙස දකින්දෝ

ගායනය - ලතා වල්පොල