Sri Lanka

Tuesday, November 5, 2013

ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකීය මවක දරුවෙකු බිහි කිරීම. අපි නොදුටු කතාව.


පහුගිය දවසක එක්සත් අරබි එමීර් රාජ්‍යෙය් ඉදන් ලංකාවට පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ශ්‍රී ලාකීය මවක් දරුවෙකු බිහිකල පුවත කාටත් මතක ඇති. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බොහොමයක මේ පිළිබදව පලවෙලා තිබුන. හැමෝම කියවන්න ඇති මේක. හැමෝම දන්නව විස්තරේ. අපි මේ උත්සාහ කරන්නෙ නැවතත් ඔයාල දන්න ඒ ප්‍රවෘත්තිය ආයෙම වාර්තා කරන්න නම් නෙමෙයි. ඒ වීඩියෝව බලලත් අපි නොදැක්ක පැත්තක් පොඩ්ඩක් මතක් කරන්නයි හදන්නෙ. මේ පිළිබදව සංවාදාත්මක කතාබහක යෙදෙද්දි මේ ගැන ලියන්න මාව යොමු කළ ඔයාට ගොඩක් ස්තූතියි.

අපි හැමෝම ඒ වීඩියොව නැරඹුවා. ඒ මව අපහසුතාවයට පත් වෙද්දි ඇයට උදව් වෙන්න ගැහැණු පිරිමි භේදයකින් තොරව ආපු ඒ සංවේදී මිනිස්සු පිරිස ගැන පොඩ්ඩක් හිතල බලන්න. එතන ඉදල තියෙන්නෙ එකම එක ලාංකිකයයි. අනිත් අය සේරම විදේශිකයො. ඒ වීඩියොව හොදට බැලුවොත් පෙනෙයි ඔවුන් ඇයට දරුව බිහි කරන්න උදව් කරනව වගේම ඇයට දරුව ලැබුනට පස්සෙ අත්පුඩඩි ගසමින් ප්‍රීතියෙන් කෑ ගහනව. ඇය ඒ මොහොතෙ දරුවෙකු බිහි කිරීමෙන් ලබන සතුට ඇයත් සමග ඔවුනුත් භුක්ති විදිනව. ඇයව අපහසුතාවයට පත්වෙද්දි තමන්ගෙ කෙනෙක් ළග නැහැ කියන අඩුව මේ කිසිම කෙනෙක් ඇයට දැනෙන්න ඉඩ හරින්නෙ නැහැ. ඔවුන් ඇයට තමන්ගෙ සහෝදරියකට වගේ සලකනව. ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔවුන් ළග ඉදන් ලබා දෙනව. අන්තිමේදි ඇයත් දරුවත් කිසිම කරදරයක් නැතුව ගුවන් යානය ගොඩබස්සන තුරු බලා ගන්නව. ඔවුන් තුළ තිබු දායානුකම්පාව, උතුරා යන මනුෂ්‍යත්වය හරිම පුදුමාකාරයි. 

මොහොතක් හිතමු මොවුන් දෙවියන් වන් මිනිසුන් නොවේද. අපි දන්නව ඔවුන් විතරක් නෙමෙයි මේ වගේම කරදරේකදි හිත උණු වෙන තවත් බොහෝ මිනිසුන් අපි අතර ඉන්නව. අපේ උපහාරය එවන් වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් පුද දෙනව. මෙවන් වූ මිනිසුන් හැම තැනකම ඉන්නවනම් පහුගිය කාලෙ අහන්නට ලැබුණ ගැබිණි මව් වරු දූෂණය කල සිද්ධි, තාත්තල දූවරු දූෂණය කල සිද්ධි, සහෝදරය සහෝදරියව දූෂණය කල සිද්ධි, බාල වයස්කාර දැරියන් දූෂණය වුන සිද්ධි කිසිවක් අහන්නට නොලැබෙන්නට තිබුණ. නමුත් ඒ පාපතරයන්ගේ ග්‍රහණයට ඒ සහෝදරියන් නතු වෙලා හමාරයි.
  
ඉතින් එවන්වූ තිරිසනුන් අතර මේ වගේ දෙවියන් වන් මිනිස්සු දැකීම සතුටක්. අපේ ප්‍රාර්ථනය මෙවන්වූ සුවහසක් මිනිසුන් තව තවත් යළි යළි අප අතර ඉපදේවා යන්නයි

මේ ලින්ක් එකෙන් ගිහින් වීඩියෝව බලන්න http://www.youtube.com/watch?v=zhyCTUXmhPo