Sri Lanka

Tuesday, December 24, 2013

ආදරේ නමින් මා තැවේ තැවේ



හුග දවසකින් තමයි අලුත් දෙයක් ලියන්න ලැබුනෙ. ඒත් ගොඩක් සතුටුයි. අධ්‍යාපන කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්ය බහුල වෙලා ඉන්න නිසා අලුත් යමක් ලියාගන්න බැරි වුනා. ඉතිං මේ කතාව කිවුවෙ අපේ සිරිල් අයිය. අපි දෙන්න අතරෙ ගියපු සංවාදයක් අතරතුර තමයි ඔහු අතින් මේක කියවුනේ. අපේ මාතෘකාව වුනේ ආදරයෙදි ගන්න බොහෝ තීන්දු තීරණ වලට තමන්ගෙ අධ්‍යාපන මට්ටම බලපාන්නෙ නැහැ කියන එක. මේ කතාවත් ඒ වගේම පේරාදෙනිය සරසවියෙන් ඇහුව ඉතාමත් ශෝචනීය කතාවක් තමයි.

2004/2005 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙනිය සරසවියට එනව ගිනිගත්හේන ප්‍රදේශයෙන් එක්තරා තරණයෙක්. අපිට ඔහුගෙ සැබෑ නම භාවිත කරන්නනම් විදියක් නැහැ. ඒ හන්ද අපි ඔහුට සමන් කියමු. මේ සමන් ඉතාමත් දුප්පත් තරුණයෙක්. අම්මයි අක්කයි විතරමයි ඔහුට හිටියෙ. මේ වෙනකොටත් අම්ම හිටියෙ ලෙඩ ගානෙ.

ඔහුගෙ මුල් අවුරුදු දෙක බොහොම සුන්දර විදියට ගෙවෙනව. මේ කාලය ඇතුලතදි සරසවියෙ කිසිම තරුණියක කෙරේ මොහුගෙ හිත නම් ඇදිල ගියෙ නැහැ. මොහුගෙ හිත දිනාගන්නෙ ඔහුට වඩා වසර 2ක් පහළ කණ්ඩායමක තරුණියක්. ඔහු පුදුමාකාර විදියට ඇයට ආදරේ කලා. ඔහුට ඇත්තටම තිබ්බෙ ඇය ගැන ආදරෙකටත් වඩා පිස්සුවක්. ඒ තරම්ම ඔහු ඇයට ආදරේ කලා. ඔහු ටික ටික ඔහුගෙ ආදරය ඇයට දැනෙන්න ඇරිය.

ඒත් මේ ආදරයට ඔහුගෙ ආර්තික මට්ටම ඔහුට බාධාවක්. නමුත් ඔහුට කරන්න රැකියාවත් තිබුණෙ නැහැ. ඉතින් ඔහුගෙ උපාදිය මහාර කලාට පස්සෙ ඔහු කලේ කාන්තා පිරිමි යට ඇදුම් වෙළදාම් කරන එක තමයි. ඒකෙන් ඔහු යම් මුදලක් ලබා ගත්ත. මොකද ඉතින් උපාදිය සමත් උනා ගමන් ලංකාවෙ රස්සාවක් හොයාගන්න එක ගොඩක් අමාරු වැඩක්නෙ. 

ඒ කොහොම වෙතත් ඔහුට ඔහුගෙ ආදරවන්තියව නම් අමතක වෙන්නෙ නෑ කොහොමටවත්ම. අවසානෙදි ඇයගෙ උපාදි ප්‍රදාන උත්සවය දවසෙ ඔහු ගිහින් ඇයගෙ කැමැත්ත විමසනව. නමුත් මේ තරුණිය බොහොම අනුකම්පා විරහිතව ඔහුව ප්‍රත්ක්ෂේප කරනව. මේ වෙලාවෙ ඔහුට දැනෙන්නෙ පුදුමාකාර ආවේගයක්. තමන් පනටත් වඩා ආදරය කල ආදරවන්තිය මේ විදියට ඔහුප ප්‍රත්ක්ෂේප කලාම ඔහුට දැනුනෙ ඔහුගෙ හදවත කීරි ගැහිල යනව වගේ. එතනින් එහාට කිසිම දෙයක් ගැන ඔහුට දැනුනෙ නැහැ. ඔහු කෙලින්ම දුවන්නෙ සරසවි උයන දුම්රිය ස්ථානය දෙසට. ඒ වෙනකොටත් දුම්රිය ස්ථානයේ ලොකු පිරිසක් රැදිල හිටිය දුම්රියක් එනතුරු. මේ දෙනෝදාහක් සෙනග බලාගෙන ඉද්දිම රේල් පාර අයිනෙ පදුරු අතරෙන් ආපමු ඔහු මහනුවර ඉදන් කොළඹ බලා පැමිණෙමින් තිබුණ දුම්රියට පනිනව.

කිසිවෙකුටත් යමක් කරගන්න විදියක් නැහැ. දුමුරියට අහුවෙලා මොහුගෙ සරීරය කෑලි කෑලි වලට කැඩිල යනව. ආදරය මේ තරම්ම කුරිරුද? මේ කරම්ම වේදනාකාරීද? මේකෙන් උනේ තවත් අහින්සක අම්ම කෙනෙකුට පුතෙක් නැති උනා. රටට තවත් බුද්ධිමත් තරුණයෙක් නැති උනා. නමුත් මේ දෙවත් කොහොම වෙතත් අර තරුණියටනම් කිසිම ගානක් නැහැ ඔහු මරුණ කියලවත්. ඇය ඔහුගෙ මල ගෙදරටවත් සහභාගි වෙන්න ගියෙ නැහැ. මේ තරම් අනුකම්පා විරහිත හදවතක් ඇයට තිබුණෙ කොහොමද කියන එකයි අපිට තියන ගැටළුව. 

අතින් අපි කියන්නෙ ආදරේදි ගන්න තීරණ වලට තමන්ගෙ අධ්‍යාපන මට්ටම බලපාන්නෙ නැහැ කොහොමටත්. වදගත්මදේ යමක් කරන්න කලින් තමන්ගෙ අම්ම තාත්ත ගැන තමයි අපි මුලින්ම හිතන්න ඔන. දෙමව්පියන්ගෙ හිත් රිද්දලා ලබාගන්න ආදරේ නම් කිසිම වටිනාකමක් නැහැ කියලයි අපි විශ්වාස කරන්නෙ.

ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
ආදරේ නමින් මා තැවේ තැවේ
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ

මෙවන් මහා පොලෝ තලේ
මටත් හිමි යමක් ඇතේ
ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ

ලෝකයේ වෙනස් උනේ..

සිතක් ගොසින් සිතක් වෙලයි
යමෙක් ඉපි අකුල් හෙලයි
ආදර ගඟ නැ ඉන් නැවතෙන්නේ

ලෝකයේ වෙනස් උනේ..

ගායනය : එච් ආර් ජෝතිපාල
චිත්‍රපටය : සංගීතා