Sri Lanka

Sunday, December 8, 2013

දුරු කතර ගෙවාගෙන


ගොඩක් කාලෙකින් අයෙත් ලියන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. අධ්‍යපන කටයුතුත් එකක් ලියන්න ටිකක් අමාරු වෙනව. ඒත් ඉඩක් ලැබුණම ලියනව අපේ හිතවතුන් හැමෝම වෙනුවෙන්. අපේ ලිපි වලට කැමති අය ගොඩක් ඉන්නව. එයාලට ගොඩක් ස්තූතියි. ඒ හැමෝටමග ගොඩක් අය අපිට සුභ පතල මැසේජ් කරනව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
            අපි හැමදාමත් ආදරෙ ගැන කතා කලා. අපි හැමදාමත් කියන්නෙ ආදරය හරිම පුදුමාකාරයි. ආදරය අපිට අවශ්‍යයි. ආදරය නිසයි අපි හැමෝම ජීවත් වෙන්නෙ. ආදරය නිසයි හැම ගීතයක්මත් නිර්මාණය වෙන්නෙ බොහෝ විට. ආදරය අපිට ළං වෙන්න ළං වෙන්න අපේ ජීවිතයට අරමුණක් එක් වෙනව. ආදරය නිතරම අපිව ජීවත් කරවන්න උත්සාහ කරනව.
දෙන්නෙක් ආදරෙන් බැදුනට දෙන්නට දෙන්න කවදාවත් දැනගන්න එක්ක නැහැ දෙන්නට දෙන්න කොයි තරම් ආදරේද කියල දෙන්න ලගින්ම ඉන්නකල්. එත් මොන යම් හේතුවතින් හරි ටික කාලයකට හරි ඈතින් ඉන්න උනොත් අන්න එදාට තමයි දෙන්නට දෙන්න කොයි තරම් ආදරේ කියල දැනගන්නෙ. ඒක හරිම පුදුමාකාර දෙයක්. මටත් ඒ අත්දැකීම සමීප උනා. තමන්ගෙ හදවතේ කොයි තරම් ආදරයක් තියනවද කියල දැනෙන්නෙ ඒ වෙලාවෙ තමයි.
ඉතින් මේ කතාවෙ ඉන්න තරණයටත් ගමේ ඉන්න තමන්ගෙ ආදරවන්තියව දාලා රැකියාවකට කොළඹ යන්න සිද්ධ වෙනව. තමන්ගෙ කියල කෙනෙක් නැති කොළඹ ඔහු තනි වෙනව. නිතරම ඔහුට දැනුනෙ හිස් බවක්. කාන්සියෙන් පාළුවෙන් දවස ගෙවන ඔහුට කරන්න පුලුවන් උනේ තමන්ගෙ නවාතැනට වෙලා හිස් අහස දිහා බලාගෙන සුසුම් හෙලට එක විතරයි.
අහස දිහා බලාගෙන ඉද්දි වලාකුළු අතරින් තරකැට දකින ඔහුට ඒවා පෙණුනෙ හරියට තමන්ගෙ ආදරවන්තියගෙ ඇස් වගේ. ඔහුට නිතරම දැනුනෙ ඒ ඇස් තමන් එක්ක කතා කරනව වගේ. කොළොම් තොටේ මහ මැදුරු වලට උඩින් හද පායපුවම ඒ හදෙන් දැක්කෙ තමන්ගෙ ආදරවන්තියගෙ මුහුණ. එතකොට තමයි ඔහුට දැනෙන්න පටන් ගත්තෙ තමන්ගෙ හිතේ තමන්ගෙ ආදරවන්තිය වෙනුවෙන් කොයි තරම් ආදරයක් තියනවද කියල. ඉතින් ඔහුට තවත් එක මොහොතකවත් තමන්ගෙ ආදරවන්තියව දකින්නෙ නැතිව ඉන්න බැරි වෙනව. දැයට ලිපියකින්වත් දන්වන්නෙ නැතුවම ඔහු ගමට යනව ඇයට බලන්න.
ඔහුගෙ කතාව තමයි රත්න ශ්‍රී විජේසිංහයන් අතින මේ විදියට ලියවිලා කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරන්නෙ.
දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

දුරු කතර ගෙවාගෙන...

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: එච් එම් ජයවර්ධන
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ