Sri Lanka

Friday, March 21, 2014

පාළුගම වැව් අද්දර ශීල භාවනා වැඩසටහන

 
බුවනෙකබා අපිත් ප්‍රෙද්ශවාසීනුත් එකතු වෙලා පසුගිය මාර්තු 10 වැනිදා ප්‍රාද්ශයේ උපාසක උපාසිකාවන් 100කට වැඩි පිරිසක් සහභාගී කරගෙන ශීල භාවනා වැඩසටහනක් පැවැත්වුවා. යාපව්ව රජමහා විහාරාධිපති හිමියන් උපසාසක පිරිස සිල් සමාදන් කරවීමෙන් අනතුරුව ගල්ලෑව විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් දවස පුරාම භාවනා වැඩසටහන් මෙහෙයවනු ලැබුවා.

පැමිණ සිටි පිරිසට සහ ස්වාමීන් වහන්සේට උදෑසන සහ දහවල් දානයද අපි විසින් පරිනමනු ලැබු අතර ගිලන්පසද පිළිගන්වන ලදී. අනේකුත් වැඩ වලට දායක වන අතරම ආගමික වැඩසටහන්ද නිතර නිතර සංවිධානය කිරීම වැදගත් බව මෙහිදී අපට යාපහුව රජමහා විහාරාධිපති හිමියන් අනුශාසනා කරනු ලැබුවා. මේ සදහා දායකු වූ සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.