Sri Lanka

Monday, March 17, 2014

තාරාවිය ඉගිල ගියාය




අපි හැමදාමත් සමාජයේ කතා කරනවා තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයේ ගැන, කාලා කරුවො ගැන. ඒත් මේ ආදරණීය කලා ශිල්පිණිය තුන් ඉරියව්ව ඉක්මවා හතර පස් හයවැනි ඉරියව්වෙන් කලා ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයක් ලබා දුන් ආදරණීය ශීල්පණියක්. මන්ද ඇය රංගන ශීල්පිණියක්, ගයාන ශීල්පිණියක්, වාදන ශීල්පිණියක්, හඩකැවීමේ ශීල්පිණියක් ආදී තවත් බොහෝ හැකියාවන් ඇය සතුව පැවතුනා. ඔබට මතක ඇති ගුවන් විදුලියේ හන්දියේ ගෙදර නාට්‍යය. වේදිකා නාට්‍ය අතරින් ඔබට මතක ඇති විශ්ව සුන්දරී වේදිකා නාට්‍යය. ඒ වගේම සිනමාව තුළින් බොහෝ නිර්මාණයන්ට ඇය දාකව වුනා. ඒ අන් කවරෙකුත් නොව අපගේ හද බැදි ආදරණිය කලා ශිල්පිණිය මර්සි එදිරිසිංහ මහත්මිය.

අපේ අයුෂත් අරගෙන අපිට වඩා කල් ජීවත් වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කල ඇය අද (2014.03.17) උදෑසන ජීවිතයෙන් සමුගත්තාය. ඉදින් ආයෙත් අපිට ඇයගේ හඩින් මඩේ ලගින තාරවුන් අසන්නට නොමැත. රූපවාහින්යේ ගුවන් විදුලියේ නොමැත. මාගේ තමතකය නිවැරදි නම් ඇය අවසන් වරට ටෙලිනාට්‍යයක රගපෑවේ ස්වාධීන රුපවාහිනිය ඔස්සේ විකාශනය කල අමන්දා ටෙලි නාටHයේය. 

වරකාපොල, අඹේපුස්ස  සිය නිවසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය ජනවාරි මස රෝහල් ගතවූ ඇය කෑගල්ල මහ රෝහලෙත් පසුව ගම්පහ පුද්ගලික රෝහලකත් ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇය අසනීප වූ පසුව ෆේස්බුක් තුළද ඇයට සෙත් පතා විවිධ පෝස්ට් දකින්නට ලැබුණd. 1964දී  ගුවන් විදුලියේ නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරඹු ඇය 1967 වර්ෂයේ දී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වූවාය. සැමුවෙල්, බර්ට්, ගැමුණු වැනි නම් දරූ විකg ශිල්පීන් සuග හරි හරියට හැකියාව ප්‍රදර්ශනය කරමින් ඇය ගුවන් විදුලියේ ඉදිරිපත් කල විකට වැඩසටහන් අතිශය ජනප්‍රියත්වයට පත් විය.



ගර්භාෂ සැත්කමකට භාජනය වීමෙන් පසුව වසර දෙකක් පමණ තිස්සේ රෝග ලlaෂණ ගණනාවකට ලක්වූ ඇය අවසන් වරට ඇගේ පිටකොන්දේ හටගනෙ තිබෙන දැඩි වේදනාවක් සුවකර ගැනීම සසහා රෝහල් ගතවී සිටියා. මර්සි එදිරිසිංහ මහත්මියගේ කලා දිවියට මෙම වසරේ දී වසර 50ක් පිරීමට නියාමිතව තිබුණා. මේ ප්‍රතිභාපූර්ණ කලා ශීල්පිණිය මිය යන විට 68 වන වියේ පසු වූවාය. 

ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යෙය් ඇය ගැයූ මඩේ ලගින තාරාවුන් ගීතය අපි මෙසේ ඔබට ඉදිරිපත් කරමු. 


මඩේ ලගින තාරාවුන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං
චපට හිමිට සිරියහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි
මෝඩ ගෑනි මං.. මෝඩ ගෑනි මං..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං