Sri Lanka

Wednesday, October 1, 2014

ලෝක ළමා දිනය




එක්තරා ගුරුවරයෙක් තමන්ගෙ කාර්යාල කාමරයේ වැඩක් කරමින් උන්නලු. ඉතා වැදගත් යමක් කරමින් හිටිය ඔහු තමන්ට අවශ්‍ය පොත් පත් එහෙම මේසය පුරාම විසිරුවාගෙන තමයි මේ වැඩේ කරල තියෙන්නෙ. ටික වෙලාවක් යනකොට තමන්ගෙ පුතා ඇවිල්ල පොත් පත් එහෙ මෙහෙ අදිමින් කරදර කරන්න ගත්තලු. එකපාරක් දෙපාරක් එපා පුතේ කරදර කරන්න කිවුත් ආයෙම හෙමීට කරදර කරන්න ගත්තලු පොත් පත් එහෙට මෙහෙට ඇද ඇද.

ඉතින් මෙයාට ටිකක් කෙන්තිත් ගියාලු. එත් ඉතින් දරුවට බනින්නත් බැහැනෙ. ඒ හන්ද වට පිට බලනකොට මේසෙ උඩ තිබුන කොලේක තිබුනලු සිතියමක්. මෙයා සිතියම කෑලි කෑලි වලට ඉරල පුතාට දුන්නලු තිබුන විදියට හදන්න කියල.

එත් ටික වෙලාවක් යනකොට දරුව ඉක්මනට සිතියම හරියට හදල පෙන්නුවලු. ටිකවෙලාකවක් සිතියම දිහා බලාගෙන හිටියලු මෙයා. ඒත් හිතා ගන්න බැරි උනා කොහොමද මේ තරම් කෑලි වලට ඉරපු සිතියම මේ පොඩි දරුව මේ තරම් ඉක්මනට හැදුවේ කියල. ඒ පාරෙ ඇහුවලු කොහොමද හැදුවෙ කියල.
පස්සෙ බලනකොට ළමය කරල තියෙන්නෙ සිතියම පිටිපස්සෙ ළමයෙකුගෙ රූපයක් තිබිල. ඒක හරියට හැදුවම සිතියම නිකන්ම හැදිල. පස්සෙ මේ තාත්ත පුතාට කිවුවලු

"පුතේ ළමයි හරියට හැදෙනවනම් රටත් නිකන්ම හැදෙනවා....." කියල.
.
ඇත්තටම ඔව් ලෝක ළමා දිනය සමරන මේ දවසෙ අපිත් කියන්නෙ අපේ දරු පරම්පරාව හරියට හැදුනොත්.. හැදුවොත්.. රටත් නිකන්ම හැදෙනව. 

සෙනෙහස දී අප රකින්න' තේමාව යටතේ මෙවර සමරන ලෝක ළමා දිනයට බුවනෙකබා අපි හදවතින්ම සුභ පතනව....