Sri Lanka

Monday, November 17, 2014

අමරණීය විප්ලව වාදියා... චේ....




1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක් සිටීමට සිදුවූ මොහු වෛද්‍ය උපාධියක් ලබමින් තම අධ්‍යාපනයට සමුදුන්නේය. මොහුගේ විශ්ව විද්‍යාල ගජයා වූ ඇල්බර්ටෝ ග්‍රනාඩො සමගින් කිලෝමීටර පන්දහසක් පමණ පුරා මස නවයක් තිස්සේ දකුණු ඇමරිකානු මහාද්වීපය පුරාම කසි-කබල් මොටෝ බයිසිකලයකින් කල සවාරිය මොහුගේ දිවිය වෙනතකට යොමු කරවීමට සමත් විය. The Motorcycle Diaries (2004) යන නමින් සිනමා පටයකටද නැගුණු එය විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තනය වූ චේ ගමන්කළ ඒ ගමනේ සටහන් පොතයයි. තරැණ වෛද්‍ය සිසුකේ ලෙස ලතින් ඇමරිකාවේ ගමන් කර චේ එම ප්‍රදේශය පුරා පැතිරැනු දුප්පත්කම දැකීනේ විශාල ලෙස වෙනඩ් විය. එම ගමනේදි ඔහු ලද අත්දැකිම් නිරික්ෂණය අනුව මෙම දුප්පත්කමට සහ එම ප්‍ර‍දේශයේ සමානාත්මතවයක් නැතිවීමට හේතු ලෙස ධනවාදය, නවධනවාදය හා අධිරාජ්‍යවාදය දුටුවේය. මෙම තත්ත්වය වෙනස් කිරිමට එකම ක්‍රමය ලෝක විප්ලවයක් බව ඔහු විශ්වාස කළේය..
 
මෙම විශ්වාසය නිසා ඔහු ගෝතමාලානි සමජ විප්ලපවයට, ජනාධිපති ජාකොමෝ අර්මෙන්ඩ් ගුස්මේන් යටතේ සම්බන්ධ විය. මෙම ජනපති ඇමේරිකාවේ CIA සහය ඇතිව බලයෙන් පහ කෙරැනු අතර, මින් ගුවේරාගේ විප්ලවකාරි දෘෂ්ටිවාදය තවත් ශක්තිමත් විය. පසුව ඔහු මෙක්සිකෝවේ, ෆිඩෙල්කැඩ්ත්‍රෝගේ 26 ‍වැනි ජුලි ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කාර්ය මෙහිදි ඔවුන් ඇමේරිකානු සහය ලැබු කියුබානු ඒකාධිපතියෙකු වු Fulgencio Batista බලයෙන් පහ කළහග්වාතමාලාවේ කැරැල්ල සාර්ථකවිමෙන් අනතුරුව මොහුගේ අවධානය යොමු වුවේ එකල වන විටදී කියුබාවේ ඒකාධිපති පාලක බටිස්ටාට එරෙහිව රැවුල්කාරයා (ෆිදෙල් කස්ත්‍රෝ) විසින් ආරම්භකර තිබු විප්ලවය වෙතටය. ග්වාතමාලාවේ කැරැල්ලේ අත්දැකීම් උපයෝගිකරගත් මොහු කියුබානු විප්ලවයේ නොනිමි ගිනිසිළුව වීය. ලොවක් හදුනනචේයන ආදරණිය නාමය මොහුට පට බැදුනේද කියුබානු විප්ලවය අතරතුරදීය. සාර්ථක විප්ලවයකින් පසුව බැටිස්ටාගේ ඒකාධිපති පාලනය අවසන් කල ෆිදෙල් කස්ත්‍රෝ විසින් පිහිටවූ සමාජවාදී රජයෙන් ලද තනතුරු සියල්ලම අත්හළ මොහු බොලිවියාව බලා පිටත් විය, ඒ එවකට එහි ඇවිලෙමින් පැවති විප්ලවයට නායකත්වය දීම සදහාය, එහිදී ඇතිවූ සටනකින් අනතුරුව බොලිවියානු හමුදාවන්ට මැදිව අතකට සහ පාදයකට වෙඩි වැදිහුන් අයෙකු හසුවිය.

එලෙසින් බොලිවියානු හමුදාවන්ගේ ග්‍රහණයට අසුවූ චේව මරාදැමීමට බොලිවියානු ජනපතිට උවමනාවිය. ඔහු චේ සමග බද්ධ වෛරයකින් පසුවිය. එය කෙතෙක්ද යත් ඇමෙරිකානු CIA සංවිධානය පමණක් තවත් බොහෝ අයවද සහයට ගෙන තිබුණා. එහෙත් ඇමෙරිකාවට උවමනාවී තිබුණේ මොහුව සදාකාලික සිරකරුවෙක් කිරීමටයි. මන්ද මොහුව මරා දැමුවොත් මිනිසුන් අතර සදාකාලික වීරයෙක් වනබව ඔවුන් තේරුම් ගෙන සිටි හෙයිනි. එහෙත් බොලිවියානු ජනපති නියෝග කොට තිබුණේ කිසිදු වග විභාගයකින් තොරවම වෙඩි තමා මරා දමන ලෙසයි. එම නියෝගය කනවැකුණු වහාම චේව සුදුමැලි වී ගිය බව CIA නිලධාරියා පවසා ඇත. පීඩිතයින්ගේ නිදහස යහපාලනය වෙනුවෙන් තම ජීවිතය කැපකළ වයස අවුරුදු 39ක් වු මේ සොදුරු මිනිසාගේ අවසන් හුස්ම පොද 1967 ඔක්තෝම්බර් මස 9වනදා බොලිවියාවේ ලා හිගුඒරා හිදී වා තලයට මුසු වුවේ හෙයිට් බේරන් නමැති බොලිවියානු සෙබළා M2 අවියෙන් නිකුත් වු උණ්ඩ කිහිපයකිනි. වෙඩි තැබීමට පෙර තම සිරුර විකෘති නොකරන මෙන් ඉල්ලාසිටි බවද පැවසේ. එලෙස චේ මරා දැමු බොලිවියානු සෙබළා පසුකාලීනව පවසා තිබුණේ එය ඔහුගේ දිවියේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම බවත්. ඔහුට එදින උවමනා වී තිබුණේ චේට වෙඩි තබා සෙබළුන් අතර වීරයෙක් වීම බවත්ය. එහෙත් එය මැරෙනකම්ම විදවන්න වෙන දෙයක් වෙයි කියලා ඔහු හිතුවේ නැත යනුවෙනුයි. චේ ට තැබූ මුල්ම වෙඩිල්ල වෙඩ්ක්කරුගේ වරිදින් හරි හැටි ඉලක්කයට එල්ල කිරීමට නොහැකි විය. එවිට චේ මෙසේ පැවසීය..

“I knew you were going to shoot me; I should never have been taken alive. Tell Fidel that this failure does not mean the end of the revolution, that it will triumph elsewhere. Tell Aleida to forget this, remarry and be happy, and keep the children studying. Ask the soldiers to aim well.”

මම දැනන් හිටියා නුබලා මට වෙඩිතියන්න යනවා කියලා. මට කවදාවත් පණපිටින් අහු නොවෙන්නයි තිබුණේ. ෆිදෙල්ට කියන්න මේ අසමත්වීම විප්ලවයේ අවසානය නොවේ කියා. මෙය එම විජයග්‍රහණයෙන් ඔබ්බට යාමක්වෙයි. මගේ බිරිද ඇලෙයිඩාට කියන්න මේක අමතක කරන්න කියලා. ආයේ විවාහ වෙලා සතුටින් ඉන්න ඒ වගේම ළමයින්ට හොදට ඉගෙනගන්න කියන්න. සෙබළුන්ගෙන් ඉල්ලාහිටිනවා හරියට ඉලක්කේ ගන්න කියලා

 චේව ඝාතනය කල පසු ඔහුගේ සිරුරේ ඡායාරුප ගැනීමට ෆ්‍රෙඩි ඇල්බෝටා නම් ඡායාරුප ශිල්පියා කැදවා තිබිණ. ඔහු විසින් ලබාගත් ඡායාරුප සිය ගණනකින් ජනප්‍රියම ඡායාරුපය වුවේ මිලිමීටර දෙකේ උණ්ඩයක් විසින් සිදුරු කරන ගිය චේගේ පපුව දෙසට හමුදා නිලධරයෙකු ඇගිල්ලක් දිගු කරන සිටිනා ඡායාරුපයයි.

පසුව ඉතාමත් මෑතක කිසිදා මෙලි නොවූ ඡායාරූප කිහිපයක් ලොවට හමුවිය. ඒ නම් කියුබානු විප්ලවයේ නියමුවා වූ  අර්නස්ටෝ චේ ගුවේරා බොලීවියාවේදී මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ස්පාඤ්ඤ ජාතිකයකු විසින් ප්‍රංශ පුවත්සේවයේ මාධ්‍යවේදියෙකු වෙත ලබාදී තිබේ . ඉමානෝ ආර්ටිගා නම් ඔහු පවසන්නේ තම දෙමාපියන්ගේ විවාහ උත්සවයට සහභාගීවූ තම මාමා කෙනෙකුවන ලුයිස් කෝර්ටිරෝ විසින් එම ඡායාරූප රැගෙනවිත් ඇත ; 1967 වසරේ නොවැම්බර් මස දිනකදීය. 
එකල බොලීවියාවේ ධර්මදූත සේවයේ යෙදී සිටි කෝර්ටිරෝ විසින් 1967 ඔක්තෝබර් 10දා මෙම ඡායාරූප ගෙන ඇත්තේ  බොලීවියානු හමුදාව විසින් ඔහු මරාදමා එක් දිනකට පසුවය. එම ඡායාරූපයන්හි මියගිය චේ දෑස් විවර කරගෙන සිටින අයුරුද දක්නට ඇත. අද ලෝකයේ වටිනාම සේයා රූ කිහිපය අතරට මේ සේයා රුව ද අයත් වේ 

එදා එලෙසින් මරා දැමුවද ඇමෙරිකාව සිතු ලෙසින්ම අද ඔහු නොමළ මිනිසෙකි. උපන් මහා පොළවට ණයගැත්තෙක් නොවූ මේ සොදුරු මිනිසා අද තාප්ප බිත්ති පුරා ටියුෂන්කඩ කරුවන්ගේ ප්‍රචාරක මෙවලමකි. චේ යනු කවුරුන්දැයි ඔහු කළේ කුමක්දැයි නොදන්නා එවුනගේ විලාසිතාවකි.

අද ලොව සමාජවාදයේ පරමාදර්ශයක්‌ බඳු ඒ විප්ලවීය චරිතය "චේ" ලංකාවට පැමිණ ඇත්තේ එවකට ලංකා ආණ්‌ඩුව, ජයග්‍රාහී විප්ලවීය කියුබානු රජය සමඟ නව තානාපති සබඳතා ගොඩනගා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි. ඒ අමරණීය දිනය 1959 වසරේ ඔක්‌තෝබර් 05 වැනිදායි. ඒ දිනයේ චේ ඇතුළු කියුබානු නියෝජිත පිරිස ලංකාවට පැමිණි ගමනේදී හොරණ යහළකැලේ වතුයායටද පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට සිදුකළ සංචාරයක්‌ බව පැවැසේ. ඒ කුමක්‌ වෙතත් ලොවම ආදරය කරන මේ අමරණීය නායකයා මෙරට පැමිණි වග සිහිපත් කෙරෙන එකම ජීවමාන සංකේතය ඇත්තේද හොරණ යහළකැලේ වතුයායෙයි. එය චේ ගේ අපරිමිත මිනිස්‌කම සේ අතු ඉතිලා සරුවට වැඩුණු මහෝගනී ගසකි. එම ඓතිහාසික වෘක්‍ෂය චේ ගෙ දැතින් සිටුවීමට උදව් කළ ඔහු ළඟින්ම සිටි මිනිසෙක්‌ අදත් යහළකැලේ වතුයායේ නිහඬව වෙසෙති. චේ හැබහින් දුටු මිනිසෙකු ලෙස අදටත් මේ බිමේ හිඳින්නේ ඔහු පමණකි.


මරා දැමු චේ






චේ ලංකාවට පැමිණි අවස්ථාව සහ ඔහු ඒ අවස්ථාවේ සිටවූ මැහෝගනී පැළය අද සුවිසල් ගසක් වී ඇති අයුරු