Sri Lanka

Tuesday, February 24, 2015

මුළු හදින් මම ඇයට පෙම් කොට





අපි පහුගිය ලිපියෙන් කතා කලේ සබරගමුව සරසවිය සමග බැදුන ගීතයක් ගැන. කට්ටියටම මතකනෙ සමනල වැවැයි බෙලිහුල් ඔයයි ගැන අපි ලියපු දේවල්. ඒ ලිපියු ගැන ප්‍රශංසාත්මකව කතා කල හැමදෙනාටත් විවේචනාත්මකව කතා කල හැමදෙනාටමත් ගොඩක් ස්තූතියි. මගෙ හැම ලිපියක් පිටිපස්සෙම ඉන්න ශක්තිය ඔයා. ඔයාටත් ගොඩක් ස්තූතියි. ඉතින් ඔන්න අපිට අයෙමත් පේරාදෙණිය සරසවියටම යන්න වෙලා. එහි සිදුවීමක් ගැනයි අදත් මම කතා කරන්න උත්සාහ කරන්නෙ.

60 දශකයේ පේරාදෙණිය සරසවියේ එක්තරා සංගීත ප්‍රසංගයක් පවත්වලා තියනව. මෙන්න මේ ප්‍රසංගයේ එක් ආරාධිත ගායන ශිල්පියෙක් තමයි නාරද දිසාසේකරයන්. ඉතින් ඔහු ඔහුව වේදිකාවට කැදෙවුවට පස්සෙ ඔහුට නියමිත ගීත ගායන කාරල අවසානෙට එවකට ඔහුගෙ ජනප්‍රියම ගීතයක් ගායනා කලාලු. ඒ ගීතයෙන් පස්සෙ නරඹන්නන් එකම හඩින් ඉල්ලලා තියෙන්නෙ නැවතත් ඒ ගීතයම ගායනා කරන්න කියල. ඉතින් ඔහු බොහොම නිහතමානීව දෙවන වරටත් ඒ ගීතයම ගායන කලාලු. පස්සෙ ඉතින් ඔහු නරඹන්නන්ට ආචාර කරල වේදිකාවෙන් බැහැල යන්න සූදානම් වුනාලු. අර පිරිස සියලු දෙනාම මේ වෙලාවෙ නැගී සිටියලු. ගොඩක් අය හිතුවෙ හැමෝම නැගිටිටෙ මේ නිහතමානී ගායකයට ආචාර කරන්න කියල. ඒත් ඒ හැමෝම නැවතත් එකම හඩින් ඉල්ලා තියෙන්නෙ නැවතත් ඒ ගීතයම ගායනා කරන්න කියල. ඉතින් නාරද දිසාසේකරයන්ට මොනම විදියකින්වත් මේ ඉල්ලීම අහක දාන්න බැරිවුන නිසා නැවතත් ඔහු ඒ ගීතයම ගායන කලාලු. ඇත්තටම ලංකා ඉතිහාසයේ එකම වේදිකාව එකම ගායකයා එකම ගීතය තුන් වතාවක් ගායනා කල එකම අවස්ථාව එය විදියට ඉතිහාසටය එක් වෙලා තියනව.

ඉතින් දැන් කවුරුත් බලනව අතිනෙ එවකට පේරාදෙණිය සරසවිය තුළ හිටිය විද්‍යාර්ථයින්ගෙ හවතට ගොඩක් තදින් දැනුන මේ ගීතය මොකක්ද කියල ඇත්තටම මේ ගීතය ගොඩක්ම සාහිත්‍යමය ගැඹුරක් සතු ගීතයක් නෙමෙයි.

මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට 
අයිති වුණු හැටි බලා දුක් වෙමි .

සිංහල ගීත ඉතිහාසයේ පරාජිත ප්‍රේමවන්තයින් ගැන කියවෙන ගීත අතුරින් වඩාත් තීව්‍ර ලෙස විරහ වේදනාව ප්‍රකාශ කරන ගීතයක් ලෙස නාරද දිසාසේකර ගායනා කළ මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ගීතය ලිව්වේ එඩ්මන් ජයසූරිය (ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය) මහතා. මෙය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ගොඩනැගු ගීතමය කල්පනාවක්. ගීතයෙන් කියවන්නේ පරාජිත ප්‍රේමවන්තයෙක්‌ තම පෙම්වතිය අහිමි වූ වියෝව වෛරයකින් තොරව උපේක්‍ෂා සහගතව දරා ගන්නා ආකාරයයි.

ගීතයට පාදක උනේ එඩ්මන් ජයසූරිය තම පෙම්වතිය එන තෙක් බලා සිටින අවස්තාවක්. සුපුරුදු පරිදි දිනපතා හමුවන තම පෙම්වතිය එක් දිනක් ඇවිත් නැහැ. ඒ පිලිබඳ දැනුණු දැඩි වේදනාවෙන්, ශෝකයෙන් ඔහු මේ ගීතය රචනා කර තිබෙනවා. නමුත් ඇත්ත ජීවිතේ මේ දෙන්න විවාහ වෙලා තියෙනවා. බොහෝ දුරට ගීතයේ එන පෙම්වතිය හැරයාමේ සිදුවීම රචකයා විසින් ගොඩනගා ගන්නා ලද්දක් වෙන්න පුළුවන්. එඩ්මන් ජයසූරිය තමන් ලියූ එකම ගීතය තම පාසල් මිතුරෙක් වන නාරද දිසාසේකරයන් හට දෙනවා. ඔවුන් දෙදෙනාම කළුතර විද්‍යාලයේ එක පන්තියේ ඉගෙනගත් අය.

මේ කාලෙ (1950 දශකයේ) නාරද දිසාසේකර ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරනවා. ඔහුට ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකින් ගී තුනක්‌ ගයන්නට අවස්‌ථාව ලැබුණා. ඔහු එයට මේ ගීතයත් එකතු කර ගන්නවා. කුලරත්න තෙන්නකෝන් මහතා ගීතය සංගීතවත් කළා. ගීතය වසර 50 කට වැඩි කාලයක් ප්‍රේමවන්තයින්ගේ හදවත් කම්පනය කිරීමට සමත් නිර්මාණයක් වුණා. තවමත් ගීතය අසන විට දැනෙන විරහ වේදනාව ඒ අයුරින්ම තිබෙනවා.

ගීතය එකල ජන සමාජයට කෙතරම් බලපෑම කලාද කියනවනම්, එය වසර කිහිපයකට ප්‍රචාරය කිරීම තහනම් කිරීමට පවා සිදුවුණා. අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පරාජිත පෙම්වතුන් පවා හුදෙකලාවේ සිට මේ ගීතය මුමුණන බව එහි වෛද්‍යවරුන් පවසා තිබුනා. මෙසේ සාමජයේ ඇතැම් පුද්ගලයන්ගේ කාරුණික ඉල්ලීම පරිදි ටික කලකට මේ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම නවතා දැමීමට එවක සිටි පාලකයන්ට සිදු වුණා. මේ ගීතය කොතරම් ශ්‍රාවකයාට බලපෑම් කළේ ද යත් ’OBSERVER’ පුවත්පතේ ‘Song Sends Man insane’ යන හිසින් පළ වූ පාඨක ලිපියක සඳහන් වූයේ මේ ගීතය ගුවන් විදුලියේ අසමින් පේ‍්‍රම වියෝගය දරාගත නොහුණු මිනිසකු අසල තිබු පොරවකින් ගසා ගුවන් විදුලි යන්ත්‍රය දෙපලු කළ බවය.

මෙය නාරද දිසසේකරයන්ගේ ප්‍රකටම ගීතය වන අතර මේ නමින් නවකතාද පලවී තිබෙනවා. ඒවා නම් ගුණදාස ලියනගේ ලියු මුළු හදින් මම ඇයට පෙම් කොටහා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු අනාගත පෙම් සිහින මැව්වෙමි. බොහෝ මුලාශ්‍ර වල සඳහන් විදිහට මේ ගීතය එඩ්මන් ජයසූරිය මහතාගේ පළමු හා එකම ගීත රචනාවයි.



මුළු හදින් මම
ඇයට පෙම් කොට

අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට 

අයිති වුණු හැටි බලා දුක් වෙමි .

නිසංසල තැනකට වෙලා 

හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ 

මේ දුක් කොහොම ඉන්නද ඉවසලා



මගේ අත ගෙන කනට ළං වී 

අනෙ සුදු මම ආදරේ යැයි

කියන්නට සිතුනේ ඇයිද සුදු 

නොසිතුවෙද මට දුක් ලැබේයැයි 


නිදැල්ලේ තුරුලට වෙලා 

රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට 

කොහොම ඉන්නද ඉවසලා


එදා රෑ ගං ඉවුර අසබඩ

සුපුන් සඳ පායන වෙලාවක 

කතා කී හැටි මතක් වෙනකොට

දුක දැනෙයි පවතින අපායක 


මෙහෙම ලෝකෙක ඉපදිලා 

සිතෙහි අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද 

දුක් කඳුළු මැද තනිවෙලා



මුළු හදින් මම ... 

ගායනය - නාරද දිසාසේකර
පද රචනය - එඩ්මන් ජයසූරිය
සංගීතය - කුලරත්න තෙන්නකෝන්

ගීතය මෙතනින් අහන්න.





Friday, February 20, 2015

සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්





අපි ගොඩක් වෙලාවට පේරාදෙණිය සරසවිය ගැන කතා කලා. ඇත්තටම ගොඩක් ගීත වලට මුල් වුන සිදුවීම් අපිට දැනගන්න ලැබෙන්නෙ පේරාදෙණිය සරසවියෙන්.  අනෙක් කාරණය තමයි ලංකාවෙ සරසවි අතරින් සුන්දරම පරිසරයක පිහිටලා තියන සරසවිය තමයි පේරාදෙණිය සරසවිය. හන්තාන කන්ද, මහවැළිය සුන්දර මල් පිපෙන ගස්කොලන් ආදියෙන් ඇත්තටම සරසවියට ලැබෙන්නෙ බොහොම අපූරු සුන්දරත්වයක්.

අපි අද කතා කරන්න යන්නෙ පේරාදෙණිය සරසවියෙන් ඇසුන සිදුවීමක් ගැන නම් නෙමෙයි. අපි අද ඔයාලව එක්කන් යන්නෙ සබරගමුව සරසවියට. පේරාදෙණිය ලගට සුන්දරම පරිසරයක පිහිටලා තියන අනෙක් සරසවිය තමයි සබරගමුව සරසවිය. එක් පැත්තකින්  බෙලිහුල් ඔය අනෙක් පැත්තෙන් හෝරටන් තැන්න ඒ වගේම අනෙක් පැත්තෙන් සමනළවැව ජලාශය. මේ හැමදෙයක්ම සබරගමුව සරසවියට බොහොම ලොකු වටිනාකමක් එකතු කරනව. 

ඉතින් මීට වසර කිහිපයකට කලින් එක්තරා තරුණයෙක් එනව සබරගමුව සරසවියට උපාධියක් හදාරන්න. සරසවියෙ සුන්දරත්වය විදිමින් බොහොම සතුටින් ඔහු තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යනව. තමන්ගෙ කන්ඩායමත් එක්ක බොහොම සහයෝගෙන් මොහු කටයුතු කරනව. ඉතින් කාලයක් යනකොට තමන්ගෙ කන්ඩායමේ සහෝදර සහෝදරියන් එතිනෙකා පෙමින් වෙලෙනව. ඒත් ඔහුගෙ හිතනම් කිසිම කෙනෙක්ට ඇදිල යන්නෙ නැහැ ඒ කණ්ඩායමේ. 

ඉතින් මේ විදියට කලාය ගෙවිල ගිහින් ඔහුගෙ අවසාන වසරට ළන් වෙනකොට ඊළගට සරසවියට ඇතුළත් වුන පළමු වසරේ ශිෂ්‍යවකට ඔහුගෙ හිත නිතැතින්ම ඇදිල යනව. ඇය දිහා ඔහු ඇයට හොරෙන් බලනව. ඇය ගමන් කරන විදිය ඇය හිනාවෙන විදිය ඇය යාලුවෝ එක්ක කරන දගකාරකම්, මේ හැමදෙයක්ම ඔහුගෙ හිතේ ඇය ගැන තියන ආදරය දලුලන්න උත්තේජනයක් වෙනව. ඒත් ඉතින් සරසවි පද්ධතියෙ නීතියක් හදගෙන තියනවනෙ නවක දිනයක් පවත්වලා ඒ ජූනියර්ස්ලා කණ්ඩායම සීනියර්ස්ලා අතින් සරසවියට මුදාහරිනකල් සීනියර්ස්ලට ජූනියර්ස්ලා එක්ක සමබන්ධතා පවත්වන්න බැහැ කියල. ඉතින් මොහුටත් ඒ අවස්ථාව වෙනකල් බලාගෙන ඉන්න සිද්ධවුනා. 

එත් ඒ දවස එන්න කලින් ඔහුගෙ අධ්‍යාපන කටයුතු ඉවර වුන නිසා ඔහුට යන්න වුනා ඒ ආදරයත් හිතේ තියාගෙනම. කාලය මේ විදියට ගෙවිල ගියත් ඔහුට ඇය ගැන දැනුන ආදරය ඒ සුවද අමතක කරන්න විදියක් නැහැ. ඉතින් මේ විදියට තවත් ටික කාලයක් යනකොට ඔහුට අවස්ථාවක් ලැබෙනව තමන් ඉගෙනගත්ත සරසවියෙම කථිකාචාර්ය වරයෙක් විදියට සේවය කරන්න. ඔහු ගොඩක් සතුටු වෙනව තමන්ගෙ ආදරය හොයාගෙන යන්න තමන්ට මේ ලැබුන අවස්ථාව ගැන.

ඉතින් ඔහු තමන්ගෙ ආදරය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන සරසවියට යනව තමන්ගෙ හිත දිනාගත්ත ඒ සුවද හොදගෙන. එත් කොයි තරම්නම් දුකක්ද. ඔහුගෙ හදවතේ රැදුන සුවදත් අරන් ඇය යන්න ගිහිල්ලා. ඇයත් සරසවියෙන් සමු අරන් ඔහු එනකොට. ඔහුගෙ හදවතෙ ඇදුන ඒ මතකයේ සුවද විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. ඒ සුන්දර අතීතය නටඹුන් බවට පත්වීම ගැන, ඔහුගෙ සිහින මාළිගය ඔහුටත් හොරෙන්ම බිද වැටීම ගැන ඔහුගෙ හදවත කොයිතරම් නම් කම්පා වුනාද.  

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

ඒ මතකයේ සුවද විතරක් හදවතේ රදවලා ඇය යන්න ගිහින්.
ඉතින් මේ කතාව දැනගත්ත ඉන්ද්‍රසිරි සුරවීරයන් ඒ ආදරයේ සුවද ගැන බොහොම අපූරු පදමලාවක් රචනා කරන්ව. කරණාරත්න දිවුලගනේ බොහොම අපූරුවට මේ ගීතය ගායනා කරද්දි සමනල වැව අද්දරින් බෙලිහුල් ඔයේ ඉවුර දිගෙ ගිහින් අපි හිතත් සබරගමුව සරසවියෙ රැදිච්ච මේ සුවද හොයනව වගේ දැනෙනව.

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා..

පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක
කඳු අතරේ වළා රොදක ඔබ සඟවීලා
සුවන්ද හදේ රඳවලා..යන්න ගිහිල්ලා



ගීතයේ වීඩියොව පහලින් බලන්න