Sri Lanka

Monday, March 9, 2015

අනුරූපීතාවය




යෞවන සමාජයක් විදියට අපි මේච්චර කල් බොහොම සාර්ථක ගමන්ක් ආව. බොහොම කටුක මාවතක් එස්සෙ උන්ත් බොහොම අපහසුතා මැද්දෙ උනත් අපේ ගමන් ඉතාමත් සුන්දරයි. අපි ගොඩක් එකමුතුව වැඩ කලා. බොහොම වටිනා ජයග්‍රහණ අපි ලබාගත්ත. අපි විශ්වාස කරනව අපේ ප්‍රටද්ශට දුන්න හැම අලුත් අත්දැකීමක්ම අපි තමයි මුලින්ම ගෙනාවෙ. බොහෝ පූර්වාදරශයන් අපි තමයි ගෙනාවෙ. 

අපිට මේ හැම අතදැකීමක්ම ලැබුනෙ අපේ පැරණි සාමාජිකයින්ගෙන්. ඒ ජ්‍යෙෂ්ඨයන්ව අපි හැමදාමත් සිහිකරනව. ස්තුතිවන්ත වෙනව ඒ හැම කෙනෙකුටම. අවුන් අපිව හුරු කරපු අනුරූපීතාවයට අනූව තමයි අපේ ගමන්මග සකස්වුනේ. ඔවුන් දැන් ඔවුන්ගේ ජීවිතය හොයාගෙන ගිහින්  ජීවන අරගලයට උරදෙමින් ඉන්නව. ඒත් හැබැයි ඔවුන් අපි පිටිපස්සෙන් ඉදගෙන අපිට පාර පෙන්නනව තාමත්. 

හැබැයි ඒත් දැන් අපේ කාලයත් ඉවර වෙන්න ලගයි. දැන් අපි දුන්න අනුරූපීතාවයට අනූව අපේ බාල පරම්පරාව හැඩ ගැහෙන්න ඕන කලයයි ඇවිල්ල තියෙන්නෙ. අපි හොදින්ම දන්නව ඒ ගමන යන්න ඕන කරන පාර අපි පෙන්නල දීල තියනව පැහැදිලිවම. ඒ වගේමයි අපි තාමත් නිතරම පිටිපස්සෙන් ඉදගෙන ඊළග පරම්පරාව මෙහෙයවනව. ඒ වෙනුවෙන් තමයි අපි මේ හැම දෙයක්ම සැලසුම් කරන්නෙ. යහපත් විදියට හයපත් ගමනක් යන්න මාර්ගය අපි සකස් කරනව අපේ සියලුම නංගිලා මල්ලිලාට. අපි බලාපොරොත්තු වෙනව ප්‍රදේශයට තව තවත් අත්දැකීම් ඔවුන් එකතු කරයි කියල. අපි ඔවුන්ට හැඩ ගැසීමට පුරුදු කරන අනුරූපීතාවය එයයි.