Sri Lanka

Thursday, August 6, 2015

ෂර්ලොක් හෝම්ස් ලංකාවෙ කල පරීක්ෂණ 2




අපේ හිතවතුන්ගේ අවධානය පිණිසයි.

මේ කතාව හුදෙක් ඔබගේ විනෝදාස්වාදය සදහා පමණක්ම රචනා කරන ලද්දක් අතර කිසිවෙකුටත් අපහාස කිරීම හෝ අපහසුතාවයට පත් කිරීම අපගේ බලාපොරොත්තුව නොවන බව කරුණාවෙන් සලකන්න.
                                                           
                                                                        ***************

ෂර්ලොක් හෝම්ස් ලංකාවෙ කල පරීක්ෂණ 2


මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් යෙදුනු ඉතාම සුවිශේෂ පරීක්ෂණයකට සහභාගිවීමට, 1895 වසරේ එක් දෙසැම්බර් මාසයක මාසයක මට අවස්තාව සැලසිණි. එවකට ලංකාව පාලනය කලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නිසා එහි ඇතිවූ රහසිගත අධිරාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කිහිපයක් ගැන සොයාබැලීම සදහා හොම්ස්ගේ සොහොයුරු මයික්‍රෝෆ්ට් හොම්ස්ගේ ඉල්ලීම පරිදි හොම්ස් ලංකාවට යෑමට සිදුවිය. මයික්‍රෝෆ්ට් හොම්ස් යනු බිතාන්න්‍ය ආන්ඩුවේ කොදුනාරටිය බදු යැයි මීට කලින් කතා කිහිපයකද මම ඔබට පවසා ඇත. කොටින්ම කියතොත් මයික්‍රෝෆ්ට් යනු බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි.. බ්‍රිතාන්‍ය ආණ්ඩුව යනු මයික්‍රෝෆ්ට්ය. (කාඩෝගන් වෙස්ට් පිළිබද පරීක්ෂණය - උමං දුම්රියේ අභිරහස් මරණය හා ප්‍රදීපාගාරයේ වික්‍රමය)

මේ කාලයේ දී ලංකාවේ ආණ්ඩුකාර වරයා ලෙස කටයුතු කළ සර් හෙන්රි බ්ලේක්‌ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් කල ඉල්ලීමක් නිසා මයික්‍රෝෆ්ට් විසින් මා මිත්‍ර ෂර්ලොක් හොම්ස් මේ සදහා යොදවන ලදී. එවකට ලකාවේ තැනින් තැන සැගවී සිටි අංගම්පොර සටන්කාමීන් ඉතාමත් රහසිගත ලෙස සංවිධානය කල මේ කුමන්ත්‍රණය බිලේක් ආණ්ඩුකාර වරයාට කිසිසේත්ම තම හමුදා බලය කොතෙක් යෙදවූවත් සොයාගැනීමට නොහැකි වූ තැන ඔහු මයික්‍රොෆ්ටිගේ පිහිට පැතීය. මේ ගමන යාම සදහා හොම්ස් මට කතා කලේ ඔහුගේ අතිජාත මිත්‍රයා මම වීම නිසාම නොව ආසියාතික රටවල් වලදී මම ලබා තිබූ අත්දැකීම්ද ඔහුගේ කටයුතු වලට බොහෝ සෙයින් ඉවහල් වන නිසාය.

"හොදයි එහෙනම් වොට්සන් ඔබ ඔබේ මූන පුරා වැවිල තියන රැවුල නොකපා ඉන්න තීරණය කලා මේ ගමන යන්න.."

මම ජනේලයෙන් පාර දෙස බලාගෙන සිට නාන කාමරයට යාමට සැරසෙන විට  ඔහුගෙ පිගන් මැටි පයිප්පය උරමින් සිටි හෝම්ස් ඇසීය.

"මොනවා.. හෝම් ඔබ දැන් සාත්තර කාරයෙක් වෙලාද? කොහොමද ඔබ ඒක දැනගත්තෙ.."

"ඒක බොහොම සරළයි වොට්සන්.. මම දැකපු දෙයින් සරළ නිගමනයකට එළඹූනා එච්චරයි. මෙක තේරුම් කලාම ඔබ කියයි ඒක බොහොම පොඩි දෙයක්නෙ කියල.."
 
"හරි කමක්නෑ.. කියන්න බලන්න දැන් දැනගත්තෙ කොහොමද කියල.."

"ඔබ දැන් මොහොතකට කලින් සාලුවත් කරේ දාගෙන ආවෙ නාන කාමරයට යන්න. ඒත් ඔබ මොහොකතක් ජනේලය ළගට වෙලා කල්පනා කරා ඔබේ රැවුලත් අතගගා. ඔබ ආසියාතික රටවල් වල ලබපු අතදැකීම් වලින් දන්නව ලංකාව කියන්නෙ බොහොම උෂ්ණ අධික රටක්. එහි තිබෙන දැඩි හිරු රශ්මියෙන් අපේ සම පිච්චෙනව. ඉතින් ඔබ සිතුව එකෙන් ඔබේ මුහුණෙ සම බේරගන්න හොද ක්‍රමයක් බව මුහුනෙ රැවුල වැවිල තියන එක.."

"ඔව් ඇත්තමයි හොම්ස්.. එ රස්නය අපිට දරාගන්න කහොමටවත්ම අමාරුයි. ගින්දරෙන් පිච්චෙනව වගෙයි දැනෙන්නෙ. රැවුල වවල නැත්තන් අපිට ක්‍රිඩකයන්ට වගේ ආලේපන පාවිච්චි කරන්න වෙනව එහෙදි. මම ඒව තරවරගෙන ඉන්න ආසම නෑ. ඒ හන්ද තමයි රැවුල වවාගෙන යන්න තීරණය කලේ.."

"හ්ම් හොදයි හොදයි වොට්සන් අපි හඩ්සන් මහත්මියට කියමු අපේ උදේ කෑම ඉක්මනින්ම හදන්න කියල. අපි පුලුවන් තරම් ඉක්මනින් සවුත් හැමිල්ටන් වරයාට යන්න ඕන නැව අල්ල ගන්න. නැත්තන් අයෙම ලංකාවට යන නැවක් තියෙන්න සති තුනකින්. එහෙම උනොත් මයික්‍රෝෆ්ට් නැවත මාව හොයගෙන එනව ෂුවර්"

"ඔව් ඔව් හොම්ස් අපි ඉක්මනින්ම පිටත් වෙමු.."

පැය භාගයක් ඇතුලත අපි කුලී රියතින් වොටලූ දුමිරිය පොලට පිටත් වීමු. එතනින් දුරියක නැගුන අපි සවුත් හැමිල්ටන් වරාය වෙත පිටත් වීමු.

අපි ගමන පිටත් වූයේ නොවැම්බර් මාසයේ මුලදීමය. දින 35ක නැව් ගමනකින් පසුව අපි ලංකාවට පැමිණියේ දෙසැම්බර් මස මැදදීය. මෙවරද අපි සුපුරුදු පරිදි නවාතැන් ගත්තේ මරදානේ බේකරි වීදියේ 221 දරන ඇසින්ලින් මහත්මියගේ නිවසේමය.

අපි දින දෙකක් විවේක සුවයෙන් ගත කලෙමු. දීර්ඝ නැව් ගමන අපට ඉතාමත් වෙහෙසකර විය. දින දෙකම නිවස තුළ ගත කල අපි හවස් වරුවේ මරදානේ සල්ගාදු හෝටලයෙන් පාරාටා අනුභව කලෙමු. පසුදින සිට හොම්ස් තම කාර්යයට අදාල සොයාබැලීම් කරන්නට විය. මරදානේ පැරණි පොත් කඩයකට ගිය ඔහු පරණ පත්තර ගොන්නක්ම ගෙනාවේය. ඔහු සුපුරුදු පයිප්පය උරමින් එක් එක් පත්තර පිටු වලින් යම් යම් ලිපි කපා වෙන් කරගත්තේය. නමුත් මේ පරණ පත්තර සමග කරන දෙය මට ගෙනාවේ ප්‍රශ්නාර්ථයකි.

"හොම්ස් මොනාද ඔබ පරණ පත්තර වල හොයන්නෙ.?"

"මගේ හිතවත් වොට්සන්, මම මේ කරන්නෙ අපේ පරීක්ෂණයට වැදගත්ම දෙයක්."

"ඒ මොකක්ද හොම්ස්?"

"ලංකාවේ අංගම් සටන් කාරයෝ කියන්නෙ බොහොම රහසිගත ඉතාමත් ධරුණු සටන් කරුවො කණ්ඩායමක්. අපි ඔවුන් ගැන හොද අවබෝධයක් අරන් ඉන්න ඕන මුලින්ම. මට එක දවසක් රෝහලකදි මෙහෙ සටනකින් පහර වැදිල පිට කොන්ද පණ නැතුව ගියපු සෙබලකේව හමු වුනා. මම ඔහු එක්ක කතා කලා. ඔහු කිවුවෙ ඔහු සටනට ගියාම කැලේ හැංගිලා හිටපු මනුස්සයෙක් ඇවිත් ඔහුට පහරවල් දෙකයි ගහල තියෙන්නෙ ඔහු බිම වැටිල. ඔහුට හිතාගන්නවත් ලැබිල නැහැ කොහොමද ගැහුවෙ කියල. ඔහු බිම වැටෙනවත් එක්කම ඒ පුද්ගලයා දකුණු අතේ අගිලි දෙකකින් කොන්දට ඇන්නලු. ඔහුට දැනිල තියෙන්නෙ උලකින් ඇන්න වගේ. ඒ මොහොතෙ ඉදන් ඔහුට ඉනෙන් පහල ප්‍රදේශය මුකුත් දැනෙන්නෙ නැතුව ගිහින්."
"එච්චර දක්ෂ සටන් කරුවො ඉන්නවද හොම්ස් ලංකාවේ?"

"ඔව් වොට්සන්. ඒක් බොහොම බිහිසුනු සැගවුනු සටන් කලාවක්. නිල වලට හරියටම පහර දෙනව. දින තියල මැරෙන්න ගහන්නත් පුලුවන්. කනගාටුවෙන් උනත් කියන්න ඕන අපේ සෙබලුන්ට කුවක්කුව නැත්තන් ඔවුන් එක්ක හැප්පෙනව තියා හිතන්නවත් බැහැ."

"මම ආසියාතික රටවල් වල සෑහෙන කාලයක් ඉදලත් මේ වගේ සටන් කලාවක් ගැන අහන්න ලැබුනෙ නැහැ හොම්ස්.."

"ඔව් ඒක ඇත්ත මේක බොහොම රහසිගත සටන් කලාවක්...." හොම්ස් මෙසේ කියමින්ම වීදුරුවෙන් බේකරි වීදිය දෙස බැලුවේය.

"හ්ම්.. වොට්සන් අපිට ආව වැඩේ පැත්තක දාල වෙනත් වැඩක් කරන්න වෙනව සහතිකවම.."

මම ද පාර දෙස බැලුවෙමි. පාර දිගේ අපි නිවස දෙසට එන පොළිස් නිලධාරියෙකු අප දුටුවෙමි.

"ඔය එන්නෙ මෙහෙ ඩි.අයි.ජී පූජිත. වොට්සන්ට මතකද අපිට ගියපාර ඇවිත් මේ නිලධාරිය ගොඩක් උදව් කලා."

"ඔව් ඔව් හොම්ස් මට හොදට මතකයි"

"හොම්ස් මහත්තය පොළීසියෙ මහත්තයෙක් ඇවිත් ඔබව මුනගැහෙන්න.." ඇසිලින් මහත්මියගේ වැඩකාර කොලුවා දොරෙන් මෙපිට සිට ඇසුවේය.

"හොදයි එන්න කියන්න."

"කොහොමද හොම්ස් මහත්තය.." ඔහු ආචාර කරමින් ඇසුවේය.

"හොදින් ඉන්නව පූජිත.. මොකද වාහනේ වේගෙන් ආවෙ. අද ඩ්‍රයිවර් එක්ක නෙමෙයි නේද ගියෙ. ඇයි අද පොළීසියෙ හොද වාහන තිබුනෙ නැත්ත ඔබට පරණ ජීප් එකක් දීල තියෙන්නෙ..." හොම්ස් ඔහුට අසුන් ගන්නා මෙන් සන් කරන ගමන් ඇසීය.

"මොනව හොම්ස් මහත්තය.. මම ජීප් එක ඈතින් නවත්තල ආවෙ. ඔබට පේනෙතෙක් මානෙකවත් නැහැ."
"ඔව් ඉතින් ඔබේ කමිසෙ දකුණු අතේ තියන මළකඩ පැල්ලම් දැක්කම ඒක පොඩි ළමයෙකුට වුනත් කියන්න පුලුවන්."

"ඔව් හොම් මහත්තය අනිත් ජීප් එක අද සර්විස් එකට දාල. ඒක හන්ද පරණ එකේ තමයි එන්න වුනේ. එතකොට අනිත් දේවල් කිවුවෙ."

"ඒකත් ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි පූජිත. ඔබෙ දකුණු කමිස අතේ දූවිලි පැල්ලම් ගොඩයි. ඒකයි ඔබම වාහනේ පදවලා තියනව කිවුවෙ. ඩ්‍රයිවර් එක්ක ගියානම් වැඩ් පැල්ලම් ප්‍රමාණයක් හිටින්නෙ ඔබේ වම් අතේ. ඔබේ උදේ අපූරුවට තෙල් ගාල පීරලා තිබුණ කොණ්ඩය හොදටම අවුල් වෙලා. වේගෙන් වාහනේ ආවෙ නැත්තන් කොහොමද එහෙම වෙන්නෙ."

"ඒකත් ඇත්ත තමයි නේද හොම්ස් මහත්තය.. අද ඩ්‍රයිවර් නිවාඩු ගිහින්. මටම වාහනය පදවගෙන එන්න වුනා.."

"හරි පූජිත මේ හදිස්සියෙ ඔබ අපිව හමුවෙන්න ආවෙ මගෙ මේ නිරීෂණ වලින් නිගමන වලට එළබෙන විදිය ගැන පාඩමක් ඉගනෙගන්න නෙමෙයිනෙ.."

"ඔව් හෝම්ස් මහත්තය මම ඇත්තටම ලෙහාගන්න බැරිවුන ප්‍රශ්නයක් හන්ද ලොකු අමාරුවක වැටිල ඉන්නෙ. මීගමුවෙ අල්මේද කියල ලොකු මාළු මුදලාලි කෙනෙක්ව පිහියකින් අනල මරා දාල. ඒ වෙලාවෙ ගෙදර කවුරුත් ඉදල නැහැ. අද උදේ 8ට විතර තමයි වැඩේ වෙලා තියෙන්නෙ. මම දෙන්නෙක්ව මුරට දාල ඔබ ඇවිත් කියන ආරන්චියට ඔබව හොයාගෙන ආවෙ මට එතනින් කිසිම වැදගත් සාක්ෂයක් තාම හොයාගන්න බැරිවුන හන්දමයි හොම්ස් මහත්තය. මේ මුදලාලි ඇමති තුමාට නිතරම උදව් පදව් කරන හන්ද මාව තද කරල තියෙන්නෙ මේක ඉක්මනින්ම හොයන්න කියල. අනේ මේකට මට උදව් කරන්න හොම්ස් මහත්තය."

"හරි අපි හෝඩුවාවල් ටික විනාශ වෙන්න කලින් ඉක්මනින් ගිහින් බලමු."

පොළිස් නිලධාරියාගේ වාහනය කිහිප වරක් පණගැන්වීමට උත්සාහ කලද පලක් නොවිනි. ඒ නිසා අපි ටැක්සියක නැගී මරදාන දුම්රිය ස්ථානය වෙත යන්නට පිටත්වීමු.

"වොට්සන්. ඔබ හිතන්නෙ අපි ඉන්න තැන ඉදන් ස්ටේෂන් එකට කොච්චර දුරක් තියනවද මේ වීල් එකේ යන්න."

"මම හිතන්නෙ හොම්ස් මීටර් 800නට වැඩිය නැහැ."

"නැ වොට්සන් එතනට අපි මේ වීල් එකෙන් යනකොට කිලෝමීටර් එක හමාරක්වත් තියනව."

"එහෙම වෙන්නෙ කොහොමද හෝම්ස් අර අපිට ඈතින් පේන්නෙ මරදාන ස්ටේෂන් එක."

"ඔව් ඔව් ඒ ඔබට ඇහැට පෙනිල ඔබ ගණනය කරන දුර. ඒත් වීල් එකට දුර ඊට වඩා වෙනස්."

"එහෙම වෙන්නෙ කොහොමද"

එවිටම අපි දුමිරිය පොළ අසලට පැමිණ සිටියෙමු.

ඒ වෙලාවට වෙනත් දුම්රිය නොතිබු නිසා තුන්වන පන්තියේ මැදිරි පමණක් ඇති බලවේග කට්ටල දුමරියකට අපිට ප්‍රවේශ පත්‍ර ලැබුණි. 

දුමිරිය ස්ථානයේ පුටුවක වාඩිගත් හොම්ස් කතාව ඇරඹීය.

"වොට්සන් ඔබ කිවුව වගේ ඇත්තටම මෙතනට දුර මීටර 800ක් විතර ඇති. ඒත් අපි ආපු වීල් එක මීටර් ටැක්සියක්. දන්නවනේ ඒවගේ හැටි කවදාවත් නියම දුර පෙන්වන්නෙ නැහැ. ඒ නිසයි මම කිවුවෙ කිලෝමීටර එකහමාරක්වත් ඇති කියල. "

"ඔව් හොම්ස් මහත්තය ඇත්තටම මම ඒ දුරට ගාස්තුව ගෙවුව." පොළිස් නිලධාරීයා කීවේය. 

"දැක්කනෙ වොට්සන් මම කිවුවෙ බොරුද."


                                                            **************************** 


තවත් විනාඩි කිහිපයකට පසු සෙනග පුරවාගෙන දුම් දමමින් පැමිණි Class S7 වර්ගයේ බලාව්ග කට්ටල දුමරියකට අපි ගොඩවුනෙමු. එහි පෙටිටියකින් පෙට්ටියකට මාරු වීමට හැකියාවක් නොතිබුණ නිසාදෝ බොහෝ සෙනගක් තෙරපී සිටියහ. පා පුවරුවෙ ගමන් කිරීම අවදානම් නිසා අපි අපහසුවෙන් වුවද ඇතුලට ගොඩවුනෙමු. යන්තම් පොල්ල අල්ලාගත් මම වටපිට බලන්නට වීමි. මට වම් පසින් සිටියේ අවුරුදු 35ක් පමණ වයසැති මැදිවියේ කාන්තාවකි. ඇයට පිටුපසින් අවුරුදු 25ක පමණ තරුණයෙක් සිටියේය. ඔහු මෙම කාන්තාවට පිටුපසින් සිට ටික ටික මෙම කාන්තාවට හේත්තුව දමමින් සිටියේය. කාන්තවට මොහුගේ ක්‍රියාව දැනුන නිසාදෝ කාන්තාව එටෙ මෙහෙට ඇඹරෙන්නට විය. කාන්තාවට තවත් ඉවසා සිටිය නොහැකි නිසාදෝ තම අතේ තිබුණ කුඩය ගෙන මේ තරුණයාට බැන වදිමින් පහර කිහිපයක් ගැසුවාය. අහල පහළ සිටි අයද තරුණයාට බනින්නට විය. ඔහු එතැනින් ගැලවී බොහොම අපහසුවෙන් දොර දෙසට ගිය අතර මීළග නැවතුමෙන් බැස යන සැටි දුටුවෙමි. මම හොම්ස් දෙස බැලීමි. හොම්ස් ජනේලයෙන් පිටත බලාගෙන ගැඹුරු කල්පනාවක නියැලී සිටියේය.

පැයක පමණ ඉතාමත් අපහසු දුම්රිය ගමනකින් පසුව අපි මීගමුවට ළගාවීමු. නගරයෙන් තරමක් අතුරු පාරක ගමන් කල අපි නිවසකට පැමිණියෙමු. ඒ වන විටත් කිහිපදෙනෙකුම නිවස අවට සැරිසරමින් සිටියහ. උල් පිහියක් මුදලාලිගේ දකුණ පපු ඇටය අසළින් බෙල්ලට කිදා බැස තිබුනි. වෙනත් තුවල කිසිවක් දක්නට නොලබුනු අතර පොඩි පොඩි සීරීම් තුවාල කිහිපයක් දක්නට ලැබුණි. තියුණු ආයුධය බෙල්ල අසලින් කිදා බැසීම නිසා ඇතිවූ අභ්‍යන්තර ලේ ගැලීමෙන් මොහු මිය යන්නට ඇති බව මම මගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන් තේර්ම් ගත්තෙමි. නිවස ඉදිරිපස තිබූ ප්ලාස්ටික් පුටු සහ මල්පොච්චි පරලී ඇති අයුරින් යම් පොරබැදීමක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබුණි. 

මා මිත්‍ර හෝම්ස් මිනිය දෙස ටික වෙලාවක් බලා සිට ඔහුගේ තියුණු කාචය ගෙන සියුම් පරීක්ෂාවට ලක් කරන්නට විය. මිනිය අවට සෑම තැනකම සොයා බැලූ ඔහු අවට තිබුණ අඩි සලකුණු ගැන අවධානය යොමු කලේය. සාක්කුවේ තිබුන ටේප් පටියක් ගත් ඔහු යම් යම් දුරවල් මැන සාක්කුවේ සටහන් කරගත්තේය. තවද බිම යම් යම් තැන්වලට නැඹුරු වූ ඔහු නාසයෙන් ඉව කරමින් යම් යම් දේ සෙවුවේය. ඔහු පුටුවක් අසල තිබූ සුරුට්ටු අලු ස්වල්පයක් ලියුම් කවරයකට දමාගත්තේය.

"පූජිත මට මෙතනින් මෙච්චරයි සාක්ෂි හොයාගන්න පුලුවන්. දැන් ඔබට පුලුවන් මිනිය පශ්චාත් මරණ පරීක්ෂණයට යවන්න. අපි ඔහුගෙ බිරිදගෙ කට උත්තරය පොඩ්ඩක් අහල බලමු."

"ඔව් හෝම්ස් බේබි නෝන ගෙදර ඉදල නෑ අද උදේ. එයා අම්මලගෙ ගෙදර ගිහින් දරුවත් එක්ක දානෙකට" කියමින් පූජිත අපිව ඔහුගේ බිරිද ළගට යොමු කලේය.

"බේබි නෝනා.. ඔයා දන්න හැම දෙයක්ම මේ මහත්තුරුන්ට කියන්න. එයාල ඇවිත් ඉන්නෙ අපිට උදව් කරන්න."

"හොදයි බේබි නෝනා කියන්න බලන්න මහත්තය මාළු වෙළදාම විතරමද කලේ."

"ඔව් මහත්තය. ගොඩක්ම ඒක තමයි කලේ. වෙන වෙන පොඩි පොඩි බිස්නස් කරනව කිවුවට මම ඒ ගැන වැඩිය දන්නෙ නෑ මහත්තය. ඒත් මුදලාලි වැඩියෙන්ම මහන්සි වුනේ මේකට තමයි."

"මහත්තයට හතුරො එහෙම හිටියද.?
 
"එහෙමනම් දැනගන්න හිටියෙ නෑ මහත්තය."

"මහත්තය එළියට ගිහින් ඉන්නවද දින ගනන්"

"ම් ඉස්සරනම් නෑ මහත්තය. ඒත් ඔය අලුත් බිස්නස් පටන් ගත්ත කිවුවට පස්සෙනම් සතියකට දවසක් දෙකක් රෑට ගිහින් පහුවදා උදේ එන්න පුරුදු වෙලා හිටිය." එසේ කියු ඇය එකදිගටම ඉකිබිදින්නට පටන් ගත්තාය.

හොම්ස් සහ මම එතනින් එළියට ආවෙමු. 

"හොදයි පූජිත අපි මේ ගැන තව හොයල බලන්නම්කො."

"හොදයි ගොඩක් ස්තූතියි හොම්ස් මහත්තය මම වෙනුවෙන් මෙච්චර දුරක් ආවට ගොඩක් වැඩකටයුතුත් තියන එකේ."

"ඒකට කමක්නෑ පූජිත ඔබට උදව් කරන්න ලැබෙන එක සතුටක්"
ඔහුට ආචාර කොට නැවතත් ඉතාමත් අපහසු දුමිරිය ගමනකින් පසු මරදානේ අපේ සුපුරුදු නිවහණට පැමිනියෙමු.


                                                                      **************

"මේ ගැන කල්පනා කරන්න කලින් අපි මරදානේ ධරවලගිරි හෝටලේට ගිහින් දාමුද හොද කොත්තු පාරක්."
"ඒකනම් හොදයි හොම්ස්.. මටත් බඩගිනි වෙලා හිටියෙ."

කෑම කන ගමන් හොම්ස් තම නිරීක්ෂණ පැහැදිලි කීරීමට පටන් ගත්තේය.

" මේ අපරධ කාරය අඩි 5කට වඩා උස මිනිසෙක්. දකුණු කකුලෙ පොඩි ඇදයක් තියනව. ඔහු වමත් කාරයෙක්.."

"කොහොමද හෝම්ස් ඔබ එහෙම කියන්නෙ?"


  
"මරණ කරුගෙ පිහිය කිදා බැහැල තිබුන කොණයත් එක්ක උස කියන්න පුලුවන්. මොකද මරණ කරුත් අඩි පහක් විතර උසයිනෙ. අනික තවත් ක්‍රමයක් තියනව ඔබ දන්නවනේ"

"ඔව්. පියවර දෙකක් අතර දුර මැනීමෙන්" මම කීවෙමි.
 
"මම ඔහුගෙ මිනිය අසල පොර බැදීම සිදු වෙලා තියන අවට දැක්ක මිනීමරුවගෙ යැයි සැක කල හැකි පා සලකුණු. මිදුලෙදිත් මට හම්බ වුනා. මම ඒ දෙකක් අතර දුර මැනල බැලුව. එකෙන් මගේ නිගමනය නිවැරදි බව තේරුනා. ඒ වගේම ඔහුගෙ දකුණු කකුලෙ පා සටහන් පැහැදිලිව තිබුනෙ නැහැ. ඒකයි කොරයක් තියනව කිවුවෙ. අනිත් එක පිහිය බැහැල තිබුනෙ ඔහුගෙ දකුණු උරයට. ඒ කියන්නෙ වමත් කාරයෙක් පිහියෙන් ඇන්නොත් විතරයි එහෙම වෙන්නෙ. දකුණත් කරුවෙක් ඇන්නනම් පිහිය ඇනෙන්නෙ ඔහුගෙ වම් පැත්තට.. මේ මරණ කරු සිද්ධියට ටික වෙලාවකට කලින් සුරුට්ටු වරගයක් බීල තියනව. ඒ සුවදින් මට දැනුන ඒක ගංජා සුරුට්ටුවක් බව. මම සුරුට්ටු වර්ග හතලිස් ගානක අලු වලින් සුරුට්ටු වර්ගය හදුනගන්න හැටි ලියපු පොත් පිංච ඔබට මතක ඇති. ඒත් මේ වර්ගය එහි අඩංගු වෙලා නැහැ වොට්සන්. එත් ම පසුගිය වතාවෙ ලංකාවට අපුවම පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක් මට එකක් දුන්න කොහොමද කියල බලන්න. අමුතුම සැරක් තියන දුමක් මේකෙන් එන්නෙ"

එදින ගමන් මහන්සිය නිසා මම කලින්ම නින්දට යාමට සැරසුනමුත් හොම්ස් පයිප්පය දල්වාගෙන ජනේලයෙන් පාර දෙස බාලාගෙන කල්පනා කරමින් උන්නේය. හෝමස් මෙසේ කල්පනා කරමින් සිටින විට කතා කරීම පලක් ඇති දෙයක් නොවන බව මම හොදින් දන්නා නිසා ඔහුට නොකියාම මම නින්දට ගියෙමි.
පසුවදා මම අවදි වෙන විට හොම්ස් වෙස් වලාගෙන පිටත්ව යෑමට සූදානමින් සිටියේය. 

"කොහොමද වොට්සන් මගෙ අලුත් පෙනුම හොදද."

හිසේ ජෙල් තවරගෙන කොන්ඩය ඉත්තෑකූරු මෙන් සකසාගෙන අතේ බෑගයක් සහිතව සිටි ඔහු මට පෙනුනේ ගම් ගම් වලට ගොස් බඩු විකුණන ඩිරෙක්ට් මාකටින් කරන්නෙකු ලෙසිනි. 

"අත්තටම හොයාගන්නත් බැහැනේ මේ දවස්වල තරණ කොල්ලො කරන විලාසිතානෙ ඔබ කරගෙන ඉන්නෙ."

"ඔව් වොට්සන් තැනේ හැටියට ඇනේ ගැහුවෙ නැත්තන් මේ මුකුත් කරන්නවෙන්නෙ නෑ." කියමින් ඔහු එළියට ගියේය මට ඔහු එනතුරු බලාසිටින ලෙස පවසමින්ය."

මම උදෑසන අහාරය ගෙන උයද වරුවෙ කල යුතු වෙනත් දෙයක් නොමැති නිසා වීල් එකක නැගී ගාලු මුවදොර පැත්තට ගියෙමි. ඒ අවට බංකු වල කුඩ වලින් ආවරණය කරගෙන පෙම් කෙලින තරුණ තරුණියන් අතර මා අතරමන් වූවාදැයි මට සිතුනි. විටෙක මට මේරිව සිහි විය. මුහුද දෙස බලාගෙන ඇය පිළිබදව කල්පනා කරමින් සිටි මම ආපසු එන්නට පිටත් වීමි.

මා යන විට ඇසිලින් මහත්මිය දිවා ආහරය සූදානම් කර තිබුණි. මාළු ඇඹුල්තියල්, පරිප්පු හොදි, කොල මැල්ලුම්, පිපිඤ්ඤ සලාද සමග පපඩම් සූදානම්ව තිබුණි. මෙවැනි දේශීය ආහාර වේලක් පිළියෙල කල ඇයට ස්තූති කල මා දිවා අහාරය බුක්ති විද අතුරුපස සදහා තිබූ කොලිකුට්ටු ගෙඩියක්ද අනුභව කලෙමි. ගමන් මහන්සිය නිසා මම ඇදේ මදක් හන්සි වුනෙමි.

                       
                                                                        ********************

මා අවදි වෙන විට හවස 4ට ආසන්නව තිබුණි. එක් වරම හොම්ස් කාමරයට දිව ආවේය.

"නැගිටින්න වොට්සන් අපිට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අපි යන්න ඕන."

"ඇයි හෝම්ස් මොකක්ද මේ කලබලේ. කොහෙද අපි යන්නෙ.?"

හෝම්ස් පිළිතුරු නොදීම සූදාමන් විය. විනාඩි දහයකින් අපි සිටියේ පුත්තලම බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රියකය. 

හෝම්ස් පිළිතුරු නොදීම සූදාමන් විය. විනාඩි දහයකින් අපි සිටියේ පුත්තලම බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රියකය. 

හෝම්ස් ඇත්තටම මොකක්ද මේ කලබලේ. කොහෙද අපි යන්නෙ.

හෝම්ස් පිළිතුරු නොදීම සූදානම් විය. විනාඩි දහයකින් අපි සිටියේ පුත්තලම බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රියකය. 

"හෝම්ස් ඇත්තටම මොකක්ද මේ කලබලේ. කොහෙද අපි යන්නෙ.?"

"වොට්සන් ඇත්තටම අපි මේ යන්නෙ අපරාධ කාරයෝ කට්ටියකගෙන් තවත් අපරාධ කාරයෙක්ව බේරගන්න."

හොම්ස් කියූ කතාව නොවැටහුනමුත් හෝම්ස් තව දුරටත් කතා කිරීමට සූදානම් නැති බව පෙනී ගිය නිසා මම නිහඩ වුනෙමි.

මීගමුව දුම්රිය ස්ථානයේ සිට වීල් එකකින් අදාල ස්ථානයට ගියෙමු. හෝම්ස් ඉතාමත් වේගයෙන් අඩි තබමින් මට වඩා ඉදිරියෙන් ගමන් කරන්නට විය. පාලු වත්තක තිබූ නිවසකට අපි පිවිසියෙමු. 

අපි එහි යන විට පූජිත ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් එහි සිටියහ. වෙඩි වැදී මියගොස් සිටි අඩි පහයි අගල් අටක් පමන උස මිනිසෙකු දකින්නට ලැබුනි. ඔහුගෙ දකුණු කකුලේ යම් තුවාල කැළලක් නිසා ඇතිවුන කොරයක් තිබුණි.

"පූජිත ඇත්තටම මොකක්ද වුනේ.." හොම්ස් පූජිතගෙන් ඇසුවේය.

 මේ මැරිල ඉන්නෙ ඇස්කොට් කියල පුද්ගලයෙක්. ඊයෙ හවස අහම්බෙන් වගේ බෝට්ටුවක් අල්ලා තියනව. ඒකෙ තිබිල තියෙන්නෙ මාළු පෙට්ටි අස්සෙ දාපු කුඩු පැකට් එක්ක ඉන්දියාවෙන් ගෙන්නන කේරල ගංජා. උන්ගෙන් අහද්දි තමයි මේ මුදලාලිගෙ නම කියවුනේ. පස්සෙ විස්තර හොයල බලනකොට තමයි. මූත් ඒවට සම්බන්ධයි කියල දැනගන්න ලැබුනෙ. අල්ලගෙන ඇවිත් දෙක දෙනකොට මූ ඔක්කෙමෙ කිවුව. පස්සෙ මුගෙ ආයුධ මෙතන හන්ගලා තියනව කියපු හන්ද පෙන්නන්න කියල එක්කන් ආව. මූ අව ගමන් කඩුවක් අරන් අපේ නිලධාරියෙකුට කොටන්න පැන්න. ඒත් එක්කම මම අන කලා පොළීසිය සතු අවම බලය පාවිච්චි කරල වෙඩි තියන"

හෝම්ස්ට සිනා ගියේය.

"හ්ම්.. ඒක එහෙමද වුනේ පූජිත. හොදයි හොදයි එහෙනම් අපි යන්නම්" කියා ආපසු හැරුනේය.

අපි අපසු එනගමන් දුමිරියේදී මම මේ පිළිබදව හොම්ස්ගෙන් ඇසීමි.

"හෝම්ස් ඔබ කොහොමද ගැනගත්තෙ මේ ගැන."

"වොට්සන් මම අද උදේ වෙස් වලාගෙන මේ පැත්තෙ ඇවිද්දනෙ ඩිරෙක්ට් මාකටින් කරන කෙනෙක් වගේ. වැඩිහිටි අයත් එක්ක මුදලාලි ගැන කතා කරන්න හැදුවත් කිසිම කෙනෙක් හරි හමන් දෙයක් කිවුවෙ නෑ. මේ සිද්ධි වලට තියන බය හන්දද මන්ද. කොහොමත් මට දැනිල තිබුනෙ මුදලාලි උරල තිබුන සුරුට්ටුවත් එක්ක මේකට මත් ද්‍රව්‍ය සම්බන්ධ ඇති කියල. මම ඔහොම ඇවිදගෙන යනකොට ඉස්සරහට එනව කනේ වයර් කෑලී දෙකක් ගහගෙන ස්මාර්ට් ෆෝන් එකක් ඔබ ඔබ එන කොල්ලෙක්. කොල්ලත් එක්ක කතා කලාම ඌ කියනව ෆෝන් එකට කාඩ් එකක් ගන්න කඩේට යනවලු. මට හිතුන මූ දවසෙම කොහොමත් කාඩ් ගන්නයි ඒවට මේවට යන එකෙක් කියල. මම ප්ස්සෙ ඌට කාඩ් එකක් දාගන්න කියල රුපියල් සීයක් දීල තමයි විස්තරේ දැනගත්තෙ. මුදලාලි මාළු විකුන්නට හොරාට ගංජයි කුඩුයි විකුණනවලු. ඇස්කොට් කියන්නෙ මුදලාලි ලග කලින් වැඩ කල එකෙක්. පස්සෙ මුදලාලිත් එක්ක තරහ වෙලා ඌ වෙනම විකුණන්න පටන් අරන්. ඒත් මුදලාලිත් එක්ක නිතර නිතර රණ්ඩු ඇති වෙලා තියනව. ඒ වලියකදි තමයි මුදලාලිගෙ ගොලයෙක්ගෙන් ඇස්කොට්ගෙ දකුණු කකුලට කඩු පාරක් වැදිල තියෙන්නෙ. මේ කියන දවසෙ උදෙත් කොල්ල කාඩ් එකක් ගන්න කඩේට යනකොට මුදලාලිගෙ ගේ ඉස්සරහ මුදලාලි ඇස්කොටුයි බැනගන්නව දැකල තියනව. කොල්ල ආපහු එනකොට ඔක්කොම වෙලා. මම අපහු එනකොට පොළිසියට ගියා පූජිතව හම්බ වෙන්න එතකොට තමයි දැනගත්තෙ පූජිත කට්ටියක් එක්ක ඇස්කොට්ව අල්ලන්න ගියා කියල"

"ඒකත් එහෙමද හෝම්ස්.."

"ඔව් වොට්සන් එංගලන්තෙ වගේ නෙමෙයි. ඔහොම තමයි ලංකාවෙ අපාරාධ කරයන්ගෙ ඉරණම විසදෙන්නෙ."
                                                            *****************