Sri Lanka

Saturday, August 1, 2015

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇතී..




අපි මේ කියන්න යන සිදුවීම පේරාදෙණි සරසවියෙ ඇත්තටම සිදුවුන සිදුවීමක්. මේ අය දැනටත් අපි අතර ඉන්න නිසා අපි නම් ගම් පොඩ්ඩක් වෙනස් කලා. ඒ වගේම කතාව යම් කිසි සෞන්දර්යාත්මක රසයක් විදින්න ඕන නිසා අපි කතාවෙ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කලා ඇත්ත කතාවට හානියක් නොවන විදියට.

අද අපේ කතාවෙ කතා නායකය මහාචාර්ය වික්‍රමසිංහ. ඔහු පේරාදෙණිය සරසවියෙ සිංහල අංශයේ මහාචාර්ය වරයෙක්. ඔහු දැන් තරමක් වියපත් වෙලා. ඔහු අධ්‍යාපනයෙන් ඉහළටම ගියත් ජිවිතය පැත්තෙන්නම් පරාද වෙලා. ඔහු තවමත් අවිවාහකයි. ඒ තමයි ජීවිතයෙ හැටි. එක් පැත්තක් සාර්ථක වෙනකොට තවත් පැත්තක් අසාර්ථක වෙන්න පුලුවන්. සරසවියෙ දහස් ගණනක් තරුණ ගැහැණු පිරිමි ළමයි අතරෙ ආදරයේ හමුවීම් සමුගැනීම් පිළිබදව ගොඩක් අත්දැකීම් කියනව. අවුරුදු විසිපක් විතර මේ සරසවියෙ හිටිය ඔහුට නම් ඒ විදියෙ අත්දැකීම් බොහොමයක් තිබුණ. 

ඉතින් දවසක් මේ මහාචාර්යවරයා අවසාන වසර සිසුන්ට දේශනයක් පවත්වමින් ඉන්න අතරෙ ඒ ළමයි පිරිස අතරින් ඔහු දකිනව ඔහුට ගොඩක් හුරු පුරුදු මුහුණක්. ඇගේ නම මයුරි. ඇයව මීට කලින් හමුවෙලා කතා කරල තිබුණත් එදා තමයි මහාචාර්ය වරයා උවමනාවෙන් ඇය දිහා බැලුවෙ. අත්තටම ඔහු පුදුම වුනා ඒ නම් ඔහුගෙ පැරණි පෙම්වතිය මාලනී මයි. ඔහු මයුරිගෙ මුහුණ තුළින් දුටුවෙම තමන්ගෙ පෙම්වතියමයි.

ගලහ පාර දිගේ අත් වැල් අල්ලගෙන යන තරණ පෙම්වතුන් දකිද්දි මහාචාර්ය වරයට තමන්ගෙ අතීතය මතක් වුනා. මාලනී ඔහුට හමු වුනේ ඔහුගෙ පළමු වසරෙදිමයි. ඇත්තටම ඔහු ඇයට ගොඩක් අදාරේ කලා. ඒ අතීතය සිහිපත් කරල ඔහු සුසුමක් හෙලුව.

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්

තුන්මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැඟුනු සතුටු රළ
මිරිඟු සයුර විනි අතීතයේ

පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ (ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්)

මාලනී කියන්නෙ ඇත්තමට ඉගොඩක් ඉගෙනගන්න උනන්දු වුන කෙනෙක් නෙමෙයි. වික්‍රමසිහ හැම වෙලාවෙම ඉගෙන ගන්න උනන්දුවනේ වැඩ කලා. ඒත් මාලිනී ගොඩක් වෙලාවට හිටියෙ එක්කො ජිම් එකේ නැත්තන් යාලුවොත් එක්ක එකතුවෙලා ටේබල් ටෙනිස් ගහනව.

චාරුතලා අවේ සීත ගලා ආවේ

මා පැතු ලෝකේ රන් මාළිගා

මහද ලැගුම් ගන්නේ පෙම් ගී ගයා...



මහද විලේ පිපුන මලේ කැලුම් දිදී බලන්නා

ආවාදෝ ආදරේ පෙන්නාලා..

සසර සරා එමි සොයලා

මහද ලැගුම් ගන්නේ පෙම් ගී ගයා...



දෙපිය නගා දෙබැම සලා උමුතු වෙසිනා බලාලා

ආවාදෝ ආදරේ පෙන්නාලා..

සසර සරා එමි සොයලා

මහද ලැගුම් ගන්නේ පෙම් ගී ගයා... (ගායනය - ලක්ෂ්මන් රොඩ්‍රිගෝ)

වික්‍රමසිංහ බොහොම විශිෂ්ඨ විදියට විභාගය සමත් වෙලා පළමු පන්තියේ විශිෂ්ඨ සමාර්ථයක් එක්ක උපාධිය ලබා ගත්ත. මාලනීට ගන්න පුලුවන් වුනේ සාමාන්‍ය උපාධියක් පමණයි. මේ අතරෙදි තමයි වික්‍රමසිංහට ශිෂ්‍යත්වයකට පිටරට යන්න වුනේ. ඔහු මාලනීව තනි කරල ගොඩක් දුකෙන් තමයි ඒ ගමන ගියෙ. මාලනිත් තමන්ගෙ උපාදියෙන් පස්සේ පෞද්ගලක ආයතනයක වැඩට ගියා.

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ (ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්)


මෙහෙම ටික කාලයක් යනකොට තමයි වික්‍රමසිංහට දැනගන්න ලැබුනෙ මන්ගෙ ජීවිතේ අහන්න ලැබුණ ශෝක ජනකම පණිවිඩය. මාලනි වැඩකරපු කොම්පැණියෙම කෙනෙක්ව කසාද බැදල. වික්‍රමසිංහ ගොඩක් දුක් වුනා මේ ගැන. ඔහුට දරාගන්නවත් බෑ මේක. මොකද ඔහු ඇයට ගොඩක් ආදරේ කලා..

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

වාසනාවන් අහිමි පෙම්වතියේ..
නිමල පෙම් වේදනාවෙන්..
නිහඬ වූ වේදනාවෙන්..
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා...

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ..
සිහිනයෙන් හෝ පෙනේවා..
ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
නොනිමි පහනක් වීලා.. (ගායනය - එඩ්වඩ් ජයකොඩි)

එක දවසක් උදේ මහාචාර්ය වික්‍රමසිංහ තමන්ගෙ නේවාසිකාගාරයේ ජනේලය ඇරිය. ඒ අතරින් ඔහු දැක්ක ගලහ පාර දිගේ යන පෙම්වතුන් යුවලක්. ඔවුන් තුළින් දුටුවෙ ඔහුත් ඇයත් ගලහ පාර දිගේ අවිදගෙන ගියපු හැටි.
 මේක දකිනකොට ඔහුට මතක් වුනා පුංචි සිද්ධියක්.....

                                                                            *************
"විකී... අනේ වීකී...."

"ඇ.. ඇයි මාලනී...."

"විකී.. අනේ ඔයාට හෙට මුකුත් වැඩක් තියනවද.."

"නෑ මාලනී එහෙම මුකුත් වැඩක් නම් නැහැ."

"අනේ එහෙනම් අපි ටිකක් හෙට ඇවිදින්න යමුකෝ.... " එමෙ කියමින් මාලනී වික්‍රමසිංහගෙ අත අල්ලගත්ත.

"අනේ මේ මාලනී පිස්සුද මේ ඔයාට මේ කට්ටිය ගොඩේ මගෙ අතින් අල්ල ගන්නෙ. තේරෙන්නෙ නැද්ද ඔයාට"

ඔබ මලක් මලක් මලක්
සුදු සමන් පිච්ච මලක්
සිප ගත්තොත් එක වරක්
පෙති හැලෙයි සිතෙන මලක්

දෙතොලේ
මුවරද සැලෙයි
රස බලන්න මට හිතයි
ඔබෙ දෙතොල්වලට රිදෙයි
ඒ නිසා හිතට බයයි

දෑසේ
සෙනෙහස ගලයි
අතගා බලන්න සිතයි
ඔබ හඬයි කියා සැකයි
අත තියන්නටත් බයයි (ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ)

වික්‍රමසිංහ ලැජ්ජා කාරයා. ඔහු කට්ටිය ඉස්සරහ ඇය අතින් අල්ලනවටවත් කැමති වුනේ නැහැ. ඒ ආදරේ නැති හන්ද නෙමෙයි. පොඩි සබකෝල ගතියක් තිබුන හන්ද.

අතින්වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුණෙ නෑ  
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණෙ නෑ

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය  
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

කුළුඳුලේ කී මුල්ම වචනය 
පැටලෙද්දි ඔය සොඳුරු දෑසට
නුඹත් මා ළඟ මං වගේ නිහඬයි  
බිම බලාගෙන ගොළුවුනේ ඒකයි

නොයිඳුලේ හැඟුමන් තිඋඉයාගෙන  
ආලයෙන් වියපත් වෙලා මම  
වෙන්වුනෙත් ආදරේ හින්දාමයි  
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි (ගායනය - අමරසිරි පීරිස්)

ඉතින් ඇරල බලන්න තියන මල්ල ඔබල බලන්නෙ මොකටද..? ඒ හන්ද ඔහු ඇයගෙ අතින් අල්ලන් එහෙ මෙහෙ යන්න කැමති වුනෙත් නැහැ. ඇයව විවාහ කරගන්න බලාපොරොත්තුව තමයි ඔහුට තිබුනෙ.

මාලිනියේ (ඉන්ද්‍රජාලය)
මා මනසේ (අන්ධකාරය)
මා දෑස සොයනා (ඔබ දෑස නැත)
රුව ඇඳුනා
මාලිනියේ (නොරැවටෙන්)

මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය)
මම ඇය අත ගනිමී
(
ඉතින් එය ඔය තරම් සොඳුරු ද)

පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමී
(
වරද නොබැඳෙන ළඳුන් ලොව නැත) (ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක)

දවසක් මහාචාර්ය වික්‍රමසිංහ තමන්ගෙ කාර් එකට නැගල ගලහ පාර දිගේ ඉස්සරහට යනව. ඒ යනකොට ඔහුට පේනව ඔහු මාලනිත් එක්ක මනමේ බලපු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර රංග පීඨය. දැන් ඔහුට ඒක දැනෙන්නෙ පාලුවට ගිය තැනක් වැගේ.

රගහල දැන් ඇත අඩ අදුරේ

අප දෙදෙනා ‍පෙම් පිළිසදරේ

අන්න බලන් කුමරිය  මනමේ

තනිවී ඇත හිමගිරි අරනේ..

දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා.. (ගායනය - විජේරත්න වරකාගොඩ)

මෙහෙම ඉස්සරහට යනකොට මහාචාර්යවරයා දකිනව ඉස්සරහට එනව තමන් කැමති තමන්ගෙ ශිෂ්‍යාව මයුරි. ඔහුට හිතක් පහල වෙනව ඇයත් සමග නැවතිලා වචනයක් කතා කරන්න. ඔහුගෙ මෝටර් රථය ඉබේම නැවතෙනව.

"හ්ම් මයුරි.. කොහෙද මේ ඇවිදින්නෙ...?

මහාචාර්ය වරයගෙ වායනය නවත්තල කතා කරාම මයුරි එකපාරම තිගැස්සුනා..

"ආ..ස.. සර්.. ම.. මම මේ ලයිබ්‍රියට යනව පොතක් ගන්න."

"ආ.. හෙමද..? හොදයි හොදයි එහෙනම් ගිහින් එන්නකො.."

මයුරි ගැන මොකක්දෝ කැමැත්තක් මහාචාර්ය වරගයෙ හිතේ ගුලි ගැහෙනව වගේ දැනෙන්න ගත්ත..

තමන්ගෙ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරය තමන් ලග වාහනය නවත්තල කතා කරපු එක ගැන මයුරිගෙ හිතේ ලොකු ආඩම්බරයක් ඇති වුනා.. ඇය ගීතයක් මුමුණන ගමන්ම තමන්ගෙ ගමන යන්න පිටත් වුනා..

සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ ...

තුරු වැල් අහගෙන සිටින නිසා
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි (ගායනය - නිරෝෂා විරාජිනි)

මහාචාර්ය වරය මහනුවර රැජින හොටලයට යනව මධුවිත ටිකක් තොලගන්න. ටිකෙන් ටික පදම වැඩි වෙනකොට ඔහුට දැනෙනව ඔහු ආයෙමත් තරුණ වෙලා වගේ.. ඔහු තමන්ගෙ රථයට නැගල ඉගිල්ලෙනව තමන්ගෙ නේවාසිකාගාරයට.

කෝලම් කර කර කේලම් කාරිය. මං ගැන ගතු කියලා

තාලම් දෙන ඉග හොල්ලන් යනකොට නාරන් මල් පිපුනා..

පාරක් දෙන්නට හිතෙනව අනෙ මට අම්මට බොරුකියලා

මනම් බල බල අල්ලමි ඉඹගෙන අඩුවම් දෙමි අගනා



යාළුවො එක්කල සොච්චමකට මල් මදිරා තොල තියලා

දඩු පාලම ළග කෙල්ලක් යනකොට හොරැහින් ඉගි කෙරුවා

මාදම් පදුරට මුවා වෙලා උඹ මුවා වෙලා උඹ මේ ඔක්කොම දැකලා

මන් එන්නට කලියෙන් අම්මට නුඹ කේලම දිගහැරලා



පින්බර මූනෙන් රව රව මා දෙස තව මොනවද කීවා

නෙත් අග බේරෙන කදුලු කැටේ දැක හිත මැසිවිලි නගනා

සමාවෙයන් තව නුඹ රිදවන්නට බෑ මගෙ වරද තමා

දවසම හරි නැති ඔය සැනහව නැති ඇයි මේ තරහ වෙලා (ගායනය - රොෂාන් ප්‍රනාන්දු)

 පහුවදා උදේ මහාචාර්ය වික්‍රමසිංහ තමන්ගෙ නේවාසිකාගාරයේ සේවය කරන සිරිපාලට කතා කරනව.

"සිරිපාල.. සිරිපාල..."

"ඇයි.. ඇයි මහත්තයා.."
 
"මෙහෙ එනවකො පොඩ්ඩක්...."

"ඇ.. ඇයි.. මහත්තයා.."

"මේ අරන් එනවාකො මට.. බිත්තර බනිස් එකකුයි.. ටී එකකුයි..."

"ස.. සර් මීට කලින් බිත්තර බනිස් කෑවෙ නැහැනෙ.."

"එහෙම තමයි.. මොනාද අයිසෙ පොඩ්ඩක් කාලා බීල ෆිට් එකේ ඉන්න එපැයි.."

රෝස කුසුමක් පිපී 

නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා 

සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින් 

ඔබ එබී හිනැහී කවුළුවෙන් 

මා අවදි කර යහනින් 

ඔබ එබී හිනැහී කවුළුවෙන් 

කියා රහසක් සැලෙන දෙතොලින් 

නොනැඟෙනා වදනින්
නොහැ‍ඟෙනා අරුතින්

ඔබේ සුවඳ ලද මොහොතින් 

සිත වෙලා සිටි ඒ ආදරෙන් 

ඔබේ සුවඳ ලද මොහොතින් 

සිත වෙලා සිටි ඒ ආදරෙන් 

මගේ තනිකම හඬයි ඉකිබිඳ 

දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින් (ගායනය - සුනිල් එදිරිසිංහ)

දවසක් මහාචාර්යවරයා දේශනයට යනකොට මයුරි ඉස්සරහම පේළියේ ඉදගෙන ඉන්නව. ඉතින් මහාචාර්ය වරයා ඉතාමත් ප්‍රබෝධයෙන් තමන්ගෙ දේශනය කලා. 

මයුරිගෙ අවසාන පරීෂණයට මහාචාර්ය තුමා ලෝභ නැතුව   A සමාර්ථයක් දුන්නා. මයුරි පළමු පන්තියේ විශිෂ්ඨ සමාර්ථයක් එක්ක ඉහළින්ම තමන්ගෙ විභාගය සමත්වෙලා තිබුණ.

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ

මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා

මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ (ගායනය - සුනිල් එදිරිසිංහ)

මයුරි දවසක්දා මහාචාර්යවරයා හමුවෙන්න ආවා.

"සර්...."

"ආ... මයුරි.. මේ ළමයට අපිවත් මතක් වෙලා තියෙන්නෙ.."

"සර් මේ.. උපාධියෙ වැඩත් ඉවර හන්ද ගමේ යන්න කියල.. යන්න කලින් සර්ට කතා කරල යන්න අවා..."

මේ කතාව අහපු මහාචාර්යවරයට දැනුනෙ කියාගන්න බැරි තරම් ලොකු දුකක්.

"හා එහෙමද.. හොදයි හොදයි එහෙනම්..." මහාචාර්යවරයා කිවුවෙ පරාජිත ස්වරූපයකින්..

"මම ගියාට පශ්චාත් උපාධි කරන්න එනව සර්..."

"හා හොදයි හොදයි එහෙනම්.. මාත් පුලුවන් උදව්වක් කරන්නම්කො"

එහෙම කියපු මයුරි මහාචාර්යවරයට වැදල යන්න ගියා...

මහාචාර්යවරයා ඉතාමත් දුක් සහගතව ඇය යන දිහා බලාගෙන හිටිය...

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර (ගායනය - අමරසිරි පීරිස්)

දවසක් මහාචාර්යවරයා රවුල කපන්න කන්නාචිය ළගට ගියා.. කන්නඩියෙන් තමන්ගෙ වියපත් මුහුණ දකිනකොට මහචාර්යවරයට දැනුන ගෙවුන අවුරුදු 47ත් එක්ක වසන්තය තමන්ගෙන් ගොඩක් ඈතට ගිහින් කියල. මහචාර්යවරයාට මතක් වුනේ මාලනීව. මාලනී මේ වෙනකොට මොනව කරනව ඇත්ද..?

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇතී..

ඔබේ හිමි සදු එනතුරා නුඹ මග බලා ඇතී

මිහිරියේ..... මගෙ මිහිරියේ...

ඔබට දැන්නම් මා අමතකව ඇතී....



ඔබට තුරුලුව පුංචි පැටවුන් අතින් අල්ලාගෙන

සෙමින් සක්මන් කලා එදවස මතක් වෙනවා මට

මොහොතකටවත් මතක් වෙනවද මිහිරියේ මා ගැන



ඈත කදුවැටි සිසාරාගෙන විරහ ගීයක හඩ

සුවද ඇවිදින් කියා දෙනවා කනට කොදුරා මට

දුකක් කියලා දෙයක් දැනුනද මිහිරියේ මා ගැන (ගායනය - අමරසිරි පීරිස්)

දවසක් මහාචාර්යවරයා තමන්ගෙ නේවාසිකාගාරයට වෙලා පොතක් බල බල ඉන්නකොට මයුරි නැවතත් ඔහුව හමුවෙන්න ආව. 

"ආ මයුරි ළමයා.. මොකද මේ ආයෙම අපිව මතක් වෙලා..."

"සර් මම මේ ආයෙම ආවෙ පශ්චාත් උපාධිය කරන්න කියල."

"ආ එහෙමද...හොදයි හොදයි එහෙනම්... "

"මම සර් රිස්ර්ච් එකට තෝරගත්තෙ රාවණා සත්‍යයක්ද.? නැද්ද.? කියන එක..."

"හා හොදයි හොදයි.. මාත් ඔය ගැන රිසර්ච් කරල තියනව.. පට පුලුවන් වෙයි ඔයාට උදව් කරන්න.."

මහාචාර්ය වික්‍රමසිංහ අමතක කරලදාන්න හදපු සිතුවිල්ලම ආයෙත් ඔහු ඉදිරියටම ඇවිල්ල.

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්


උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්


දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් (ගායනය - අමරසිරි පීරිස්)

මෙහෙම ටික කාලයක් ගෙවිල ගියා. මහාචර්යවරයා දවසක් ගලහ පාර දිගේ තමන්ගෙ කාර් එක පදවාගෙන ගමනක් යමින් උන්නා. ඒ යන ගමන් දැක්ක එක සිදුවීමකින් ඔහු තිගැස්සුනා.. ඔහුගෙ වාහනය පාරමැද්දෙ ඉබේටම නැවතුනා..
තමන් හිතින් ආදරය කරපු මේ පුංචි කරිල්ලිය ඇයගෙ පෙම්වතාට තුරුල්වෙලා ගහක් යට ඉදගෙන ඉන්නවා.
ඔහු මේ දිහා ඉතාමත් ශෝකයෙන් බලාගෙන ඉදල ගලය පාර දිගේ ඈතටම යන්න ගියා.......

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැසයන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවා නම්
ආසයි මං කවුළු පියන් හැරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න (ගායනය - අමරසිරි පීරිස්)